ඉරානය වෙත එල්ල කළ දැඩි පරුෂ වචන සහිත තර්ජනාත්මක ප්‍රකාශයකින් අනතුරුව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බර්නි සැන්ඩර්ස් ඇතුළු ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රබල සැකයක් මතු කර තිබේ. පාස්කු ඉරිදා දින ඔහු සිදු කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ, ඔහුව ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනයේ 4 වැනි වගන්තිය ක්‍රියාත්මක කළ යුතු බවට දේශපාලන විචාරකයින් සහ නීතිවේදීන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතී.
ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ගනිමින් එළඹෙන අඟහරුවාදා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඉඟි කරමින් ට්‍රම්ප් සිය පණිවිඩය නිකුත් කර තිබුණි. එහිදී හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස ඉරාන පාලකයින්ට අසභ්‍ය වචනයෙන් තර්ජනය කර ඇති ඔහු, එසේ නොවුණහොත් ඔවුන් “නිරයේ ජීවත් වනු ඇති” බවට ද අනතුරු ඇඟවීය.
මෙම ප්‍රකාශය අසමතුලිත පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බව පවසන බර්නි සැන්ඩර්ස්, ලෝක සාමයට තර්ජනයක් වන මෙවැනි ප්‍රකාශ හමුවේ ජනාධිපතිවරයා තවදුරටත් ධුරයේ තබා ගැනීම අනතුරුදායක බව අවධාරණය කළේය. මේ වන විට ඇමෙරිකානු දේශපාලන කරළිය තුළ ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් පිළිබඳව ද සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ.














