ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වත්මන් ඉරාන යුද්ධය අවසන් කිරීම පිළිබඳව “නොඉවසිල්ලෙන්” (Impatient) පසුවන බවත්, ඇතැම් කොන්දේසිවලට යටත්ව සටන් විරාමයකට (Ceasefire) එරෙහි නොවන බවත් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) පකිස්ථාන මැදිහත්කරුවන්ට දැනුම් දී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම අර්බුදය සමනය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සඳහා උප ජනාධිපතිවරයා මේ වන විට ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරමින් සිටියි.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් (Shehbaz Sharif) විසින් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරීමට ඉදිරිපත් වූ පසුබිමක, ජේ.ඩී. වෑන්ස් පකිස්ථාන නියෝජිතයන් සමඟ මෙම සාකච්ඡා පවත්වා ඇත. ඇමෙරිකාව ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉරානය විසින් ඉටු කරන්නේ නම් පමණක් සටන් විරාමයකට එකඟ විය හැකි බවට ඔහු මෙහිදී දැඩි (Stern) පණිවුඩයක් ලබා දී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන ජේ.ඩී. වෑන්ස් හට මෙම සාම සාකච්ඡාවලදී වැඩි වගකීමක් පවරා ඇති අතර, ඔහුට අමතරව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) සහ ස්ටීව් විට්කොෆ් ද මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටිති. ඉරානය ද ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීම සඳහා ජේ.ඩී. වෑන්ස් වැනි නියෝජිතයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බවට ද තොරතුරු වාර්තා වේ.














