ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වන පුද්ගලයින් සිය වීසා කාලය ඉක්මවා එරට රැඳී සිටීම (Visa Overstays) පාලනය කිරීමේ අරමුණින්, තවත් රටවල් 12ක වීසා අයදුම්කරුවන් සඳහා ඇමෙරිකානු ඩොලර් 15,000ක් දක්වා වූ ඇපමුදලක් (Bond) තැන්පත් කිරීම අනිවාර්ය කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම නව නීතිය මගින් දැනට ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර ඇති අතර, එය ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික සහ සංචාරක (B1/B2) වීසා අයදුම්කරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ.
මෙම නව රෙගුලාසිය අදාළ වන රටවල් 12 ලෙස ඇෆ්ගනිස්ථානය, ඇන්ගෝලාව, භූතානය, චැඩ්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එරිත්‍රියාව, හයිටි, ලාඕසය, මියන්මාරය, පැපුවා නිව්ගිනියාව, සුඩානය සහ යේමනය හඳුනාගෙන ඇත. අදාළ වීසා හිමියා නියමිත කාලය තුළ ඇමෙරිකාවෙන් පිටවන්නේ නම්, ඔහු තැන්පත් කළ ඩොලර් 15,000ක ඇපමුදල යළි ලබාගත හැකි (Refundable) බව බලධාරීන් පෙන්වා දෙයි. මෙය ඇමෙරිකානු ආගමන විගමන නීති දැඩි කිරීමේ පියවරක් ලෙස සැලකෙන අතර, මෙහි ක්‍රියාත්මක වන නිශ්චිත දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
















