පකිස්ථානය තුළ පවතින ත්‍රස්තවාදී තර්ජන, සන්නද්ධ ගැටුම් සහ පුද්ගල පැහැරගැනීමේ අවදානම හේතුවෙන් එරට සංචාරය කිරීම පිළිබඳව “නැවත සලකා බලන ලෙස” (Reconsider travel) අමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ට දන්වා සිටියි. ඉස්ලාමාබාද් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම ‘3 වැනි මට්ටමේ’ සංචාරක උපදේශනය නිකුත් කර තිබේ.
අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ පකිස්ථානය තුළ පවතින ආරක්ෂක අවදානම් දර්ශකවල වෙනසක් වී නොමැති වුවද, පවතින වාතාවරණය මත මෙම පූර්ව ආරක්ෂිත පියවර ගත් බවයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ වෙළඳ සංකීර්ණ ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවට වොෂින්ටනය සැක පළ කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ පකිස්ථානය වැනි රටවල ආරක්ෂක තත්ත්වය පිළිබඳව අමෙරිකාව දැඩි විමසිල්ලෙන් පසුවේ.














