එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙරට සිටින විදේශීය මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් කිහිපදෙනෙකු හමුවී විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙරටට පැමිණි වහාම වජිර අබේවර්ධන මහතා මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවීම් සිදු කිරීම දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව ඇත.
පසුගිය දින කිහිපය පුරා පැවැති මෙම සාකච්ඡාවලදී වජිර අබේවර්ධන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් පිළිබඳව අදාළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කර ඇති බව වාර්තා වේ. සිංගප්පූරුවේ විවේකීව පසුවන හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විදේශීය නියෝජිතයන් දැක්වූ උනන්දුව මත මෙම කරුණු පැහැදිලි කිරීම් සිදු කර තිබේ.
මෙම හමුවීම්වලදී හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වයට අමතරව වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද යම් මට්ටමක අදහස් හුවමාරු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.














