මඩකලපුව වාකරේ ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ. පොලිසිය පවසන පරිදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මිතුරන් දෙදෙනෙකු අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ දැඩි බහින්බස්වීමක් දුරදිග යාමෙනි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා බිරන්දරච්චේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත. සැකකරු සහ මියගිය පුද්ගලයා අතර ඇති වූ මෙම ආරවුල අවසානයේදී එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට මෙලෙස අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
අදාළ අපරාධය සිදු කළ සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වාකරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














