• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන හිමිකරුගේ ප්‍රතිරෝධයක් ඇත්නම් රථ වාහන අත්පත් කර ගත නොහැකියි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

11 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේ දී කතාබහට ලක්ව ඇති පරාටේ නීතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් සිදු කරමිනි.

පරාටේ බලතල යටතේ යම් දේපොලක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

2021 ජනවාරි 4.8%ක් වූ බැංකුවල අක්‍රිය ණය ප්‍රතිශතය 2023 ජූනි වන විට 13.4%ක් ලෙස ඉහළ ගොස් තිබේ. මෙය ඉතා බැරෑරුම් තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක පරාටේ බලතල අත් හැරීම බැංකුවේ ණය අයකර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කාරණාවක් වන අතර මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත්භාවයට පත්වීමේ අවදානමක් ඇති කරයි.

කෙසේ වෙතත් බැංකුව පරාටේ බලතල මගින් දේපල අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මෙම අදාළ ණය අය කර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති විට ය. ඊට පෙර බැංකුවල පවතින අභ්‍යන්තර ක්‍රියාවලීන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අක්‍රිය වූ පසු ණය ප්‍රතිලේඛන ගත කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා ණය අය කර ගැනීම කටයුතු කරන අතර සාමාන්‍යයෙන් පරාටේ බලතල හරහා දේපල අත්පත් කර ගැනීමට සිදු වන්නේ හිතාමතාම ණය පැහැර හරින ගනුදෙනුකරුවන් සහ මෙම ව්‍යාපාර කිසිසේත් ම නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට අපොහොසත් වූ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2023 ජනවාරි මස සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන 19ක් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා 173ක දී පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් බිලියන 15ක ණය සඳහා පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙරට බැංකුවල ඇති වත්කම්වලින් රජයට හෝ කොටස්කරුවන්ව අයත් වන්නේ 8% පමණි. අනෙක් සියල්ල 57,599,746 වූ තැන්පත්කරුවන් සතුය. එම තැන්පත් ප්‍රමාණයෙන් 60%ක් ම රුපියල් 5000ට අඩු ගිණුම් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Post Views: 2
Previous Post

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක් – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

Next Post

2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව යාපනයේ දී පැවැත්විණ

editor

editor

Next Post

2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව යාපනයේ දී පැවැත්විණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025

Recent News

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved