2026 වසරේ මැයි මස 30 වැනිදාට යෙදෙන ජාතික වෙසක් උත්සවයට පසු දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.
මෙවර ජාතික වෙසක් උත්සවය මැයි මස 27, 28 සහ 29 යන දිනවල මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. 2026 වසරේ නිවාඩු දින ප්‍රකාශයට පත් කර ඇති 2025 මැයි 27 දිනැති අංක 2438/22 දරන ගැසට් නිවේදනයට අනුව කිසිදු අතිරේක නිවාඩු දිනයක් ඇතුළත් කර නොමැති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
වෙසක් උත්සවයෙන් පසු දිනය නිවාඩු දිනයක්ද යන්න පිළිබඳව විවිධ පාර්ශව කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් කම්කරු කොමසාරිස්වරයා සඳහන් කළේ, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු දින අටේ (08) කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි. ඒ අනුව මැයි 30 වැනිදා සාමාන්‍ය වැඩ කරන දිනයක් වනු ඇත.














