• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැස්ස නිසා අසරණ වූ වෙසක් සැරසිලිකරුවෝ

20 May 2024
in දේශීය, පුවත්
වැස්ස නිසා අසරණ වූ වෙසක් සැරසිලිකරුවෝ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ දින වල පවතින වර්ෂා අධික කාළගුණය හේතුවෙන් වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි අලෙවිකර ගැනීමට අපහසු වීමෙන් තමන් අසරණ වී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය හෙටින් (21) ආරම්භ වේ.හෙට සිට 27 දැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇත.

වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් කූඩු, බල්බ් වැල්, බකට්, බෞද්ධ කොඩි ආදී වෙසක් සැරසිලි වලින් නිවෙස් අලංකාර කිරීමට බෞද්ධ ජනතාව කටයුතු කරයි.මෙම වෙසක් සැරසිලි අලෙවිය තම ජීවිකාව කර ගත් පිරිසක්ද සිටිති.ඔවුන් වෙසක් සැරසිලි අලෙවිකරුවන්ය.ඔවුන් වර්ෂයක් පාසා පැමිණෙන වෙසක් උත්සවය වෙනුවෙන් ඇඟිලිගනිමින් සිටින්නේ වෙසක් සැරසිලි අලෙවිකර කීයක් හෝ උපයා ගැනීමටයි.

නමුත් මේ දින වල දිවයින පුරාවට ඇඳහැලෙන වර්ෂාපතනය හේතුවෙන් තම වෙසක් සැරසිලි අලෙවිකර ගත නොහැකි වී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවන් පවසති.

වෙසක් කාලයේදී මඟ දෙපස සාම්ප්‍රදායික උණ බට කූඩු අලෙවි කරන මෙම අලෙවිකරුවන් වර්ෂාව හේතුවෙන් මේ වන විට මහත් පීඩාවට පත්ව සිටිති,මේ දින වල උදෑසන සිට සවස් වන තුරුම වර්ෂාපතනය ඇඳ හැලීම හේතුවෙන්, මෙන්ම කඩින් කඩ ඇති වන වැසි හේතුවෙන් මහජනතාවට පෙනන ලෙස කූඩු මඟ දෙපස එල්ලා තැබීමට නොහැකි බව ඔවුන් පවසති.අලවපු කූඩු තෙමුනොත් ඉවරයි, උණ බට වලින් හදන කූඩු වලත් සැකිල්ල තෙමුනොත් ඉක්මනට දිරනවා. වැස්ස නිසා මිනිස්සු නැවතිලා අපෙන් කූඩුවක් ගන්නෙත් නෑ, වෙනදා මේ වෙන කොට වෙසක් කූඩු ගොඩක් විකුණලා ඒත් මේ පාර කූඩු ටිකයි විකුණුවේ යැයි වෙසක් සැරසිලි අලෙවිකරුවන් දැඩි කණගාටුවෙන් යුතුව පවසති.

සව්කොළ හා වෙසක් පහන් කූඩූ සෑදීමට යොදා ගන්නා කම්බි මිළ ඉහළ යෑම හේතුවෙන් හා උණ බට හිඟ වීම හේතුවෙන් වෙසක් පහන් කූඩූ මිළද ඉහළ ගොස් ඇති බවද , පසුගිය වසර වලට වඩා වෙසක් සැරසිලි වල අලෙවිය පහළ ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

මේ වන විට සව්කොළයක් රුපියල් 8-10 ක පමණ මිලකින් යුතු බවත්, අලවා වැඩ අවසන් කළ අඟල් 06 ක සැකිල්ල 150 ක් වෙනවා.වෙසක් කූඩූ සැකසීමට උණ බට සොයා ගැනීමට විශාල අපහසුවක් තියෙනවා, බොහෝ දුර ගිහින් උණ බට සොයා ගෙන විත් සුද්ධ කරලා කම්බි බැඳලා මේ කූඩූ හදන්නේ, කම්බිත් මේ වන විට විශාල වශයෙන් මිළ ගිහින් තියෙනවා.ගිය පාරට වඩා වෙසක් කූඩු අලෙවියේ අඩුවක් තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපයේදීවත් අලෙවිය සිදු වෙයි කියලා.

ප්ලාස්ටික් කූඩු වෙළඳපොලේ තියෙන නිසා සාම්ප්‍රදායිකව උණ බට වලින් සකස් කරන අපේ වෙසක් කූඩු වල අලෙවියට ගැටලුවක් වෙලා තියෙනවා.මේ දවස් වල වැස්ස නිසා අලවපු කූඩු පාරට පේන්න දාන්න බෑ, වැස්සෙන් බේරගෙන බොහෝම අමාරුවෙන් වෙලදාම් කරනවා යැයි ඔවුන් පවසති.

තිසර ‍සමල් – අනුරාධපුර

Post Views: 21,859
Previous Post

යල කන්නයේ වී වගාව සඳහා පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂයෙන්

Next Post

බල්බ් වැල් හදන එප්පාවල 17 හැවිරිදි සිසුවා

editor ttvnews

editor ttvnews

Next Post
බල්බ් වැල් හදන එප්පාවල 17 හැවිරිදි සිසුවා

බල්බ් වැල් හදන එප්පාවල 17 හැවිරිදි සිසුවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved