මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෞරුෂයක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී සහ ඡායාරූප ශිල්පී සජීව විජේවීර මහතා අද (08) අභාවප්‍රාප්ත විය. කලක පටන් පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 51 වන වියේ පසුවිය.
සජීව විජේවීර මහතා සිරස රූපවාහිනියේ විධායක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරමින් “පරිසරයට විනාඩියක්” වැනි ජනප්‍රිය වැඩසටහන් හරහා පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළේය. පසුව ලංකාදීප පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු, ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කැපී පෙනුණි.
දේහය මේ වන විට ගාල්ල වක්වැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (08) පස්වරු 6.00 ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.














