වියට්නාමයේ රාජ්‍ය පාලන යාන්ත්‍රණය චීන ආකෘතියට අනුව හැඩගැස්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව අභ්‍යන්තර ලේඛන සහ රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. වියට්නාම ජනාධිපති තෝ ලැම් (To Lam) මහතා මේ සතියේ බීජිං නුවර සංචාරය කිරීමට නියමිතව ඇති අතර, මෙය ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු විදෙස් සංචාරය වීම විශේෂත්වයකි.
හිටපු පොදු ආරක්ෂක ප්‍රධානියෙකු වන තෝ ලැම් යටතේ වියට්නාමය තුළ චීනයට හිතවාදී ආරක්ෂක නිලධාරීන් බලයට පත්වෙමින් සිටී. මේ හේතුවෙන් දත්ත පාලනය, කොටස් වෙළඳපොළ නියාමනය සහ රාජ්‍ය ලේඛන පාලනය සම්බන්ධයෙන් චීන ක්‍රමවේද අනුගමනය කිරීමට වියට්නාමය සූදානම් වෙමින් පවතී.
වසර ගණනාවක් පුරා චීනය සමඟ පවතින මතභේදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද, වියට්නාමය මේ වන විට චීනයේ තාක්ෂණය සහ ආර්ථික ප්‍රතිපත්ති විවෘතව වැළඳ ගනිමින් සිටියි. විශේෂයෙන්ම සංවේදී චීන තාක්ෂණික මෙවලම් ආරක්ෂක අංශ සඳහා යොදා ගැනීමට ද එරට රජය උනන්දුවක් දක්වයි.
මෙමගින් වියට්නාමය තුළ රාජ්‍ය පාලනය සහ මහජන පාලනය තවදුරටත් දැඩි වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය කලාපීය දේශපාලනය කෙරෙහි ද සුවිශේෂී බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














