දෙමළ සිනමා සුපිරි තරුවක මෙන්ම දේශපාලනඥයෙකු ද වන විජයිගේ අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන “Jana Nayagan” චිත්‍රපටයේ තිරගත වීම තවදුරටත් ප්‍රමාද වන බව තහවුරු වී තිබේ. ඉන්දීය චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලය (CBFC) සමඟ පවතින නීතිමය ගැටලු හේතුවෙන් මෙම චිත්‍රපටය අප්‍රේල් 30 වැනිදාට පෙර තිරගත නොවන බව කැනඩාවේ බෙදාහැරීම් ආයතනයක් වන York Cinemas නිල වශයෙන් නිවේදනය කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි හෝ මාර්තු මාසයේදී මෙය තිරගත වනු ඇතැයි ප්‍රේක්ෂකයින් අපේක්ෂා කළ ද, මෙම නව ප්‍රමාදයත් සමඟ මැතිවරණයට පෙර චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව විජයිගේ රසිකයන්ට අහිමි වී තිබේ. ප්‍රවේශ පත්‍ර කලින් වෙන් කරවා ගත් ප්‍රේක්ෂකයින්ට ඒ සඳහා ගෙවූ මුදල් නැවත ලබා ගන්නා ලෙස ද බෙදාහැරීමේ ආයතනය දැනුම් දී ඇත. දේශපාලනික තේමාවක් රැගත් මෙම චිත්‍රපටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මැතිවරණ නීති රීති මෙම ප්‍රමාදයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.















