ලොව ප්‍රකට වෝල්ට් ඩිස්නි (Walt Disney) සමාගම ඉදිරි සති කිහිපය තුළ එහි සේවකයන් 1,000කගේ පමණ රැකියා කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත වාර්තා කරයි. මෙම රැකියා කප්පාදුවෙන් වැඩි ප්‍රමාණයක් සමාගමේ අලෙවිකරණ (Marketing) අංශයට බලපානු ඇති බවත්, මෙය සමස්ත සේවක සංඛ්‍යාවෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් සඳහන් වේ.
මාර්තු මාසයේදී නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජොෂ් ඩී ඇමාරෝ (Josh D’Amaro) පත්වීමට පෙර සිටම මෙම කප්පාදු සැලසුම් ආරම්භ වී තිබේ. ‘Project Imagine’ නමින් හැඳින්වෙන නව වැඩපිළිවෙළ යටතේ සමාගමේ වියදම් අවම කරමින් අලෙවිකරණ කටයුතු එක් ඒකකයක් යටතට ගෙන ඒමට ඩිස්නි සමාගම උත්සාහ කරමින් සිටින බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.














