අයිස් සහ හෙරොයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 180ක ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව ලැට්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි අධි තාක්ෂණික දහන උඳුන වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබන්නේ ඒවාට අදාළ අධිකරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් අනතුරුවය.
මීට පෙර අවස්ථාවලදී ද මෙලෙස මෙරටට ගෙනෙන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග අධිකරණ නියෝග මත විවෘතව විනාශ කිරීමට පියවර ගෙන තිබිණි. මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙලෙස අධිකරණ භාරයේ පවතින ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව බලධාරීන් අවධාරණය කරයි.
මෙම අවස්ථාව සඳහා පොලිස් උසස් නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.














