අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ජල කප්පාදුව මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි. ඊයේ (18) දිනයේ සිදු වූ මෙම හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
අලුත්වැඩියා කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු ජල සැපයුම යළි ආරම්භ කර ඇති අතර, උස් බිම්වල පිහිටි නිවාස සඳහා ජලය ලැබීමේදී සුළු ප්‍රමාදයක් පැවතිය හැකි බව ද මණ්ඩලය පෙන්වා දෙයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු හෝ ඔබ පදිංචි ප්‍රදේශයට අදාළ වෙනත් ජල සැපයුම් ගැටලු පවතී නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය මඟින් ජල සම්පාදන මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.














