වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටිරෙදි කර්මාන්ත ශාලාවක අද (06) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පිළිබඳ තොරතුරු ලැබුණු සැණින් එය මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 3ක් සමඟ නිලධාරීන් 13 දෙනෙකු එම ස්ථානයට යොමු කර ඇත.
ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ දැඩි උත්සාහය මත මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට සමත්ව ඇති බව වාර්තා වේ. ගින්නෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් කර නොමැති අතර, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න හේතුවෙන් ප්‍රදේශයේ සුළු නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, වත්තල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.














