• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

‘DFCC ආලෝකා’ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සවිබලගැන්වෙයි

27 October 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්‍රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය.

මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි.

මෙහි තවත් පියවරක් වශයෙන්, කාන්තා ව්‍යවසාය සංවර්ධන හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) විසින් සංවිධානය කරනු ලබන 2022 ‘ප්‍රතිභාභිෂේක’ කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට DFCC ආලෝකා ඉදිරිපත් වී සිටී. මෙම සම්මාන උළෙලේදී, මෙරට ආර්ථිකයට විශිෂ්ටතම දායකත්වයක් ලබාදුන් ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කෙරේ.

කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන් වෙත මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහය එහි තිරසාරත්ව ක්‍රමෝපායේ ප්‍රධානතම අංගයකි. ප්‍රධාන වශයෙන් DFCC ආලෝකා ගිණුම මූලික කරගෙන ක්‍රියාත්මක කෙරෙන මෙම මෙහෙවර තුළදී කාන්තාවන්ට පෞද්ගලික තලයේදී මෙන්ම වෘත්තීය හා ව්‍යවසායකත්ව තලයේදී සාර්ථක වීමට අවශ්‍ය අත්වැල ලබාදෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ හා සාක් කලාපයේ ව්‍යවසායිකාවන්ට සහ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර වලට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැක. අයදුම්පත් භාරගැනීම 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වන අතර, සම්මාන උළෙල 2023 ජනවාරි මාසයේදී පැවැත්වේ. 2021/22 මූල්‍ය වර්ෂයේ ආදායම් දත්ත අනුව ආරම්භක මට්ටම, සුළු, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ යන කාණ්ඩ යටතේ මේ සඳහා අයදුම් කළ හැක. සෑම කාණ්ඩයක් සඳහාම රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් තෝරාගැනෙන විශිෂ්ටතම ව්‍යාපාර සඳහාද සම්මාන පිරිනැමෙනු ඇත. මීට අමතරව මෙහිදී විශිෂ්ටතම තරුණ ව්‍යවසායිකාව, විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය, වඩාත්ම ධනාත්මක හැකියාව ඇති ව්‍යවසායිකාව, විශිෂ්ටතම අපනයන-නැඹුරු ව්‍යවසායිකාව සහ සාර්ක් කලාපයේ විශිෂ්ටතම ව්‍යාපාර යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමේ. සම්මාන උළෙලේ අවසානයේදී ‘2022 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව’ සම්මානය හිමි ජයග්‍රාහිකාව නිවේදනය කෙරෙනු ඇත.

“අපගේ දැක්ම වන්නේ සියලුම දෙනාට සමාන අවස්ථා ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීමයි. කාන්තාවන් සවිබල ගැන්වීම යනු ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයේ වැදගත් අංගයක්. මේ උත්සාහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ DFCC ආලෝකා ගිණුමයි. ඒ හරහා ව්‍යවසායිකාවන්ට මූල්‍ය පහසුකම් හා සේවාවන් සැපයීම සඳහා අප විවිධ සංවිධාන සමඟ හවුල්කාරීත්වයන්ට එළඹී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ යහපත උදෙසා අපගේ කැපවීම ස්ථාවර වන අතර, රටේ අනාගත සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් ලෙස අප දකින කාන්තා ව්‍යවසායකත්වය කෙරෙහි ඉදිරියේදී මීටත් වඩා වැඩි අවධානයක් යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා.” DFCC බැංකුවේ Pinnacle/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

‘කාටත් ගැළපෙන බැංකුව’ යන තේමාව යටතේ සියල්ලන්ගේ සිහින සැබෑ කරමින්, DFCC ආලෝකා ගිණුම ඇතුළු අනෙකුත් සේවාවන් ඔස්සේ ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව සෑම විටම උත්සාහ කරයි. මෙම මෙහෙවරට විශේෂ ණය ක්‍රම හඳුන්වා දීම, ව්‍යවසායකත්වය හා නායකත්වය සම්බන්ධ වැඩමුළු හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ එම වැඩසටහන් වලට සහභාගී වන්නන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන වෙතින් සහතික පිරිනැමීම වැනි බොහෝ දේ ඇතුළත් වී තිබේ.

‘DFCC ආලෝකා’ යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්‍ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්‍රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ. රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්‍යවසයිකාවන්ට මුදල් ප්‍රදානයන් ඇතුළුව මූල්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.

පිටපත – PR

Post Views: 6
Previous Post

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සාකච්ඡාවක්

Next Post

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයෙන් ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයෙන් ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved