• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරවැසියන්ට පමණක් නොව පරිසර පද්ධතියටත් ආරක්ෂාව තිබෙන රටක් ගොඩනඟනවා – අනුර දිසානායක

22 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය පුරවැසියන්ට පමණක් නොව පරිසර පද්ධතියටත් ආරක්ෂාව තිබෙන රටක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 20 වනදා ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන සමුළුව අමතමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙසේ අදහස් පල කලේය ” මෙතනට ඇවිත් සිටින්නේ හුදු ඡන්ද දායකයෙක් නොවෙයි; මේ රට වෙනස් කිරීම සඳහා මහත් බලාපොරොත්තු හා අපේක්ෂාවන් පොදි බැඳගත් පිරිසක්. ඡන්දයක් එන තෙක් දිවා රෑ නොබලා දේශපාලන සංවාදයක් ගොඩනඟන පිරිසක් මෙතන ඉන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි රැලි පවත්වන්නේ මැතිවරණ කාලවලදී. නමුත් දැන් තිබුණු මැතිවරණයත් පස්සට දාලා තිබෙන්නේ. එවැනි තත්වයක් තුළ දහස් ගණනක් එකතු වීමෙන් පෙන්වන්නේ පවතින තත්වය වෙනස් කිරීමට ජනතාව සූදානම් වී සිටින බවයි. අපේ රටත් ජනතාවත් මුහුණ දී සිටින ඛේදවාචකයන් නිසා රට වෙනස් කළ යුතුම අවස්ථාවක් උදාවී තිබෙනවා. ජනාධිපති පුටුවේ බලතල හොබවන රනිල් වික්‍රමසිංහ අසංවේදී, සහකම්පනයක් නැති වියළි මිනිසෙක් ලෙස ක්‍රියාකරමින් ඉතිරිව තිබෙන ජාතික සම්පත් පවා විකුණා දමමින් යනවා. ඉන්දියාවට නිල සංචාරයේ ගොස් විදුලි රැහැන් පද්ධතියකින් සහ ඉන්ධන සහ ගෑස් නල එළීමට ගිවිසුම් අත්සන් කළා. ගොඩබිමින්, ගුවනින්, මුහුදින් ඉන්දියාව සමග ඒකාබද්ධ කර, ඉන්දියානු රුපියලෙන් ගනුදෙනු කරන්නත් එකඟ වී තිබෙනවා. සංස්කෘතියෙන් පවා ඉන්දියාවත් සමග ගැටගසා සියල්ලම මුදලින් මනින්න රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරමින් සිටිනවා.

රනිල් වික්‍රමසිංහට රට යනු මුදල් පමණයි. ජනතාව කියන්නෙත් මුදල් පමණයි. උඩවලව ජලාශයෙන් වගාකරන වී ගොවියාට කෘෂිකර්මය කියන්නේ ආර්ථික සාධකයක් විතරක් නොවෙයි. ඒක ඔවුන්ගේ ජීවිතය. වගා කිරීමෙන් පසුව විවිධ අවස්ථාවල ගොයම් පැලය වර්ධනය වෙන ආකාරය බලා සතුටු වෙන ගොවියාගේ උපරිම සතුට අස්වැන්න ලබාගැනීමයි. නමුත් රනිල් මුදල් පමණක් ගැන සිතා ජලාශවල වතුර තිබියෙදී ගොයම් ගස පිදුරු වුණාට පස්සේ වතුර මුදා හැරීමට ක්‍රියාකරනවා. පිදුරු ගහට වතුර දාලා ගොයම් හදන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. හැත්තෑ පස්වසරක අවසානම නායකයා බවට පත්වී සිටින්නේ තෙතමනයක්, සහකම්පනයක් නැති වියළි රනිල් වික්‍රමසිංහයි. අපි මේ යාන්ත්‍රණයම පරාජය කරන්න ඕනෑ. වංචාවෙන්, දූෂණයෙන් කෙළ පැමිණි රටක් නිර්මාණය වීම ගැන ඉතිහාසයේ විවිධ වකවානුවල සාකච්ඡා කර තිබෙනවා. කප්පම්කරුවෝ, නීති විරෝධී පස් ජාවාරම්කරුවෝ, කුඩු ජාවාරම්කරුවෝ, වගේ අපරාධකරුවන්ට සහ අපරාධකරුවන්ට ඉඩ හදන පාලකයන් පළවා හැරීමට ජනතාව විවිධ අවස්ථාවලදී ආණ්ඩු මාරු කළා. 80 දශකයේ සිට මේ තත්වය වැඩිවෙමින් එන ආකාරය අපි දැක්කා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානතම ආයතනය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප්‍රේමදාසගේ කාලයේ සොත්ති උපාලි පත්කර ගත්තා. චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා හැටියට බැද්දගානේ සංජීව පත්කර ගත්තා. පාතාල නායකයෙකුට ජනාධිපති ආරක්ෂක සූට් එක ඇන්දෙව්වා. නාමල් රාජපක්ෂගේ රැස්වීම්වලට ආරක්ෂාව සැපයූ ජූලම්පිටියේ අමරේ කටුවනදී, අපේ පාක්ෂිකයන් දෙදෙනෙකු ඝාතනය කළා. මේ ආකාරයට අපරාධ රාජ්‍යයක් ඉතිහාසයේ වරින් වර ගොඩනඟා තිබෙනවා.

ඒ වගේම ණය කන්ද ගොඩගහලා ආර්ථිකය ගෙන යන ක්‍රියාවලිය දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනවා. අපි ඒ බව කලින්ම දැක්කා. ජාතික සම්පත් විකිණීමෙන් ආදායම් සොයන ආණ්ඩු ගැන අපි කල්ඇතිවම ජනතාවට කියා දුන්නා. කාන්තාවන්ට, ළමුන්ට ආරක්ෂාවක් නැති, නීතිය, යුක්තිය, සාධාරණව ක්‍රියාත්මක නොවෙන බව අපි ඉතිහාසය පුරාම පෙන්වා දුන්නා. ආණ්ඩු අනුගමනය කළ, රටටත් ජනතාවටත් අහිතකර තීරණාත්මක ක්‍රියාමාර්ග යටගසමින් ඡන්දවලදී වෙනත් සාධක ඉදිරියට ගත්තා. චන්ද්‍රිකාට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමල දේශප්‍රේමය, ජාතික ආරක්ෂාව වගේ දේවල් ඉදිරියට අරගෙන ඡන්ද ව්‍යාපාර කළා. රටෙත් ජනතාවගෙත්, බරපතළ ප්‍රශ්න සියල්ලම මේ තුළින් යට ගැහුවා. රනිල්ගේ කඳවුර ප්‍රජාතන්ත්‍රවාදය ලෙසත්, මහින්දගේ කඳවුර ප්‍රජාතන්ත්‍රවාදය හකුළන ලෙසත් අවසානයේදී දෙපිල බෙදුණා. ආර්ථිකයට මොනවා වුණත් ලියන්න නිදහස, කන්න නැතත් කතා කරන්න නිදහස වගේ දේවල් ඉදිරියට ගත්තා. විශේෂයෙන් 2019දී කරළියට ගෙන ඒමට කොටි නැගිටින බවට, යාපනයේ ‘ආවා’ කල්ලිය නැගිටන බවට මුලදී ගෙනත් තිබුණු සටන් පාඨ අසාර්ථක වුණා. අවසානයේ කොටි පැත්තකට දමා 2019 වන විට වඳ කොත්තු, වඳ සැත්කම් කතා මගින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ගැටලුව ඉදිරියට ගත්තා. අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලියා ගත්තා. නොවැම්බර් 16දා සිදුකළේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම පමණයි. කන්න බොන්න නැතත්, ඉන්න හිටින රටක් වෙනුවෙන් ජනතාව ඡන්දය දුන්නා. ඇත්ත ප්‍රශ්න යටගසා දේශපාලන සටන් පාඨ ඉදිරියට ගෙන ආවේ මේ ආකාරයටයි. දැන් මහින්දගේ ආණ්ඩුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට පත්කරගෙන ඉන්නවා. බොරු කඳවුරු දෙකක් නිර්මාණය කර, ඇත්ත ප්‍රශ්නය යට ගැහුවා.

එක කාලයකදී වීරයා මහින්ද, දුෂ්ටයා රනිල්. ඊළඟ කාලයේදී වීරයා රනිල්, දුෂ්ටයා මහින්ද. දැන් චිත්‍රපටයේ දෙන්නම ජෝකර්ලා. ලංකාවේ ඒ දේශපාලන පරිච්ඡේදය අවසන් කර, ඇත්ත දේශපාලන කඳවුරු දෙකේ බෙදීම දැන් සිදුවී තිබෙනවා. ඉස්සර සතුරු කඳවුරත් මිතුරු කඳවුරත් ඒ ගොල්ලන්ගේමයි. අපි යාන්තම් 7%ක්, 5%ක්, 3%ක් විදිහට හිටියා. ලංකාවේ පළමුවෙනි වතාවට ඒ දේශපාලන බෙදුම් රේඛාව වෙනස් වී තිබෙනවා. එක කේන්ද්‍රයක් ජාතික ජන බලවේගය නියෝජනය කරන කඳවුර. අනික් පැත්තේ වෙස් මුහුණු සියල්ල ගලවා දමා එකතු වෙන සියලුම දෙනා එකතු වුණු කඳවුරත් වශයෙන් බෙදී තිබෙනවා. මෙච්චර කල් බෙදිලා හිටිය බව පෙන්වූ සජිත් රනිල් දෙදෙනා දැන් රට ගොඩනඟන්න රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙන බව එළිපිට කියනවා. අවුරුදු 70කට වැඩි කාලයක් බෙදී දෙපිලක් ලෙස රංගනයක් කළ ඒගොල්ලන්ට තවදුරටත් එය කළ නොහැකියි. මහා ගංවතුරකදී බේරෙන්න නයි, මුගටි එක කොටයක නගිනවා වගේ ඒ සියලු දෙනාගේ පැවැත්ම අභියෝගයට ලක්කරමින් මාලිමාවේ සැඩසුළඟක් හමාගෙන යනවා.

කෙනෙක් කියනවා, අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා. ඒ එක්කම තිස්ස කුට්ටි කියනවා අපිට දඬුවම් දෙන්න ඕනෑ කියලා. මමත් අපේ පක්ෂයේ කිසිවෙකුත් මහජනයාගේ සල්ලි සතයක්වත් හොරකම් කර හෝ නාස්ති කර නැහැ. එහෙම කර තිබෙනවා නම්, මේ විදිහට අපිට දේශපාලනය කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආණ්ඩු බලය තිබෙන කොට ඒ ගොල්ලන්ගේ නම් ඇතිව අපි තොරතුරු හෙළි කළා. අපිට දඬුවම් කරන්න කොමිසමක් ගෝඨාභය දැම්මා. කොමිසම ඉවර වෙන්නත් ඉස්සර ගෝඨාභය ගෙදර. මේ දක්වා රට පාලනය කළ අයට දේශපාලනය බිස්නස් එකක්. පරපුරෙන් පරපුට ගෙන ආ බිස්නස් එක අහිමි වෙන්න යද්දී ඔවුන් නිකම් ඉන්නේ නැහැ. මේ දක්වා ලංකා ඉතිහාසයේ වේදිකාවේ සිදුවූ සටනක් නොවෙයි මේක. ඇත්ත මහජනයාගේ සටනක් තිබෙන්නේ. දූෂිත, විනාශකාරී, ප්‍රභූ පෙළැන්තියේ බලය සාමාන්‍ය මහජනතාව අතට ලබාගැනීමේ අවස්ථාව එළඹී තිබෙනවා. වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීමේ කඳවර අපි නියෝජනය කරනවා. මේ දක්වා දිගින් දිගටම රටේ සම්පත් විකුණමින් ඇවිත් දැන් මූල්‍ය වෙළඳපොළත් අපේ බලශක්තියත් විකිණීමේ කඩඉමට ඇවිත් සිටිනවා. අපි නියෝජනය කරන්නේ අපේ රටේ සම්පත්, පිහිටීම, ජාත්‍යන්තර සම්බන්ධතා සහ අපේ ශිෂ්ටාචාරය මත නවීන ලෝකයත් එක්ක නැගී සිටීමයි. අපේ තිබුණු මුළු නිෂ්පාදනයම කඩා වැට්ටූ පාලකයන් සිංගප්පූරුව පෙන්වූවා. නමුත් දැන් සිංගප්පූරුව ලෝකයේ වෙනත් කලාපවල ඉඩම් කුලියට හෝ බද්දට අරගෙන නිෂ්පාදන කර්මාන්තවලට යොමු වී සිටිනවා. අපි නියෝජනය කරන්නේ ජනතාව සහ සහභාගී කරගත් නව නිෂ්පාදන උපායමාර්ග ක්‍රියාත්මක කරන ආර්ථිකයක්.

ඒ වගේම කුඩු මත්ද්‍රව්‍ය සහ අපරාධ නතර කරන රටක් අපි නිර්මාණය කරනවා. දරුවන්ට, කාන්තාවන්ට රැකවරණය සලසන රටක් අපි නිර්මාණය කරනවා. ගිය අවුරුද්දේදී වන අලින් 439ක් ඝාතනය කිරීමෙන් පේන්නේ පුරවැසියන්ට පමණක් නොව සතා සිවුපාවන්ට පවා ආරක්ෂාව නැති රටක් නිර්මාණය කර තිබීමයි. ඒ වගේම පඬුකරඳ ගහකටවත් ආරක්ෂාවක් නැතිව මහ රෑ ඇවිත් ගහ ගලවාගෙන ගිහින් වළදමන රටක් තිබෙන්නේ. තෙත් බිමකට, ජල මූලාශ්‍රයකට, වෙරළ තීරයකට, වැලි තොටුපොළකට ආරක්ෂාවක් නැති රටක් තිබෙන්නේ. ජාතික ජන බලවේගය ගොඩනඟන්නේ පුරවැසියන්ට පමණක් නොවෙයි, පරිසර පද්ධතියටත් ආරක්ෂාව තිබෙන රටක්. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනයත් විශාල අනතුරකට හෙළා තිබෙනවා. පාසල් අධ්‍යාපනය බිඳවැටීමට සලස්වා විශ්වවිද්‍යාලවල පීඨ විකුණන්න පටන්ගෙන තිබෙනවා. නව පාඨමාලා ආරම්භයේදීම මුදලට විකුණන්න පටන්ගෙන තිබෙනවා. ඒගොල්ලන්ට ඕනෑ අධ්‍යාපනයක් නැති මොට වුණු පරපුරක්. හැබැයි ජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ හැකියාව, දක්ෂතාවය අනුව දරුවන්ට ඉදිරියට යා හැකි රටකට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක්. දැන් ගම්වල දරුවන්ට පවා රට අත්හැර යන්න බලකරන පරිසරයක් තිබෙන්නේ. රටකට වෘත්තීයමය අධ්‍යාපනය ඉතාම වැදගත්. නමුත් අපේ රටේ ඔවුන් සියලු දෙනා රට දාලා යනවා. ඔවුන් නිර්මාණය කරන රට දාලා යන ක්‍රියාවලිය වෙනුවට රටෙන් පිටවී ඉන්න අයත් ආපසු ගෙන්වා ගන්නා රටක් අපි හදනවා.

මේ හැටියට ඉතාම වැදගත් තීව්‍ර කඳවුරු බෙදීමකට ලංකාවේ දේශපාලනය ඇවිත් තිබෙනවා. අතරමැද කවුරුත් ඉන්න හැටියක් නැහැ. ඍජුව හෝ වක්‍රව එක්කෝ ඒ කඳවුරට සේවය කරනවා. නැතිනම් ජාතික ජන බලවේගයට සේවය කරනවා. මෙහෙම දේශපාලන බෙදීමක් මෑත ලංකාවේ තිබී නැහැ. බලය අත්පත් කර ගත යුතුම අවස්ථාව මේක. ඒ නිසා සුළු අත්වැරදීමකට හෝ ඉඩක් තැබිය යුතු නැහැ. ඈත ගම්දනව්වල දුක්විඳින ජනතාව මේ කර්මාන්තකරුවා, මේ රටේ ව්‍යවසායකයා, සහ වෘත්තියවේදියා වශයෙන් විවිධ තරාතිරම්වල ජනතාව අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ වගකීමට අනුව අපෙන් කිසිම වැරැද්දක් වෙන්න බැහැ. ඒ නිසා ඉතාමත් පරිස්සම්කාරීව, ඉතාම මැනවින් කිරාබලා ජාතික ජන බලවේගයේ යාත්‍රාව ජයග්‍රහණය වෙනුවෙන් පෙරටම ගෙනයනවා. මෙතනට ඇවිත් සිටින්නේ වාඩිවී කතාවක් අහලා යන ජනතාවක් නොවෙයි. ඉතාමත් හොඳින් සංවිධානය කරන ලද අවබෝධයෙන් යුතු ජනතාවක්. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුව පිළිබඳව ඉතාමත් සුබවාදී බලාපොරොත්තුවක් අපට තිබෙනවා. ඒ කුමක් නැතත් ලබන අවුරුද්දේ අගෝස්තු වන විට ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවිය යුතුයි. ජනාධිපතිවරණය නොපවත්වා බලහත්කාරයෙන් බලයේ ඉන්න බැහැ. ඒ වගේ උත්සාහයක් 1977දී සිරිමා බණ්ඩාරනායක මැතිනිය දැරුවා. නමුත් ආරක්ෂක මණ්ඩලය ඒකට එකඟ වුණේ නැහැ. එයා බලයෙන් ඉන්න හදනවා නම්, එතකොට අපි බලාගම්මු. හැම පැත්තකින්ම බැලුවත් මේ කඩඉමේදී අපි ජයග්‍රහණය කරන්න ඕනෑ. අපි කිසිවෙකුටවත් පෞද්ගලික අරමුණු ජයග්‍රහණ නැහැ. අපි හැමෝටම තිබෙන්නේ පොදු අරමුණු සහ ජයග්‍රහණ. ඒ සද් වුවමනාවෙන් අපි හැමෝම එකතු වී මහා ජයග්‍රහණයක සක්‍රීය කොටස්කරුවන් පත්වෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගන්න එපා – මහජන ආරක්ෂ ඇමැති ටිරාන්

Next Post

ජනපති සහ සිංගප්පූරු අගමැති හමු වෙයි

editor

editor

Next Post

ජනපති සහ සිංගප්පූරු අගමැති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved