යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් එය හොරට, තක්කඩිකමින් ගෙන ආ දෙයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් අද (29) පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී සිය මංගල සැසිය පැවැත්වීමට මහජන මන්ත්‍රණ සභාව අමතමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “බොරුවට අවුරුදු කියන්න එපා අවුරුදු පහක් කියලා. අනාගතයේ නොපෙනන ඉමක් දක්වා ගැස් සැපයිම භාර දෙන්නේ ඔය ඇමෙරිකානු සමාගමට. ඇමෙරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයිමේ ඒකාධිකාරිය දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවද? හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි. මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය දුන්නේ විශ්වාස කළේ. වෙන අයට කොල්ල කන්න නෙමෙයි. ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලැබිමෙන් ලංකාව අභ්‍යන්තරයේ දේශපාලනයේ කේවල් කිරීමේ බලය ඇමෙරිකාවට ලැබෙනවා. මේක අනාගතය පාවදීමක්. බිල්ලට දීමක්. අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජිවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි එක කොහොවත් වෙන රටකට ගෙනි යන්නේ නෑ. අවුරුදු පහකට බලයක් අරන් මුළු ගෑස් සැපයිමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොර පාරෙන් දෙන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නෑ. තව ගිවිසුම් දෙකක් අත්සන් කරන්න එනවා. අපිට ඕන නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපිට ඕන නෑ විරුද්ධ පක්ෂයේ දේශපාල නන්නත්තාර වෙලා ඉන්න අයට ජිවය දෙන්න. අපිට ඕන ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව අරගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකිම අපි අතහරින්නේ නෑ. අපි අපේ හඩ ඉදිරියටම කරගෙන යනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම කැපකිරීමකට ලෑස්ති පිට තමයි මහජන මන්ත්‍රණ සභාව ආරම්භ කළේ. ඉතිරි ගිවිසුම් දෙක අත්සන් නොකිරීමට කටයුතු කළ යුතුයි. එය නතර කිරීම සඳහා අපි ආණ්ඩුව ඇතුළේ සිට හෝ ආණ්ඩුවෙන් එළියට වැටුණත් අපි යුතුකම ඉටුකරනවා. අපේ ආණ්ඩුව වැරැද්දක් කරන කොට සද්ධ නැතිව ඉන්න ඕනද? වැරැද්ද කවුරු කළත් වැරැද්ද. අපි ගැන තිබ්බේ නිර්මල විශ්වාසයක්. එහෙම එකක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවලින් මේ වගේ දේවල් තීන්දු වෙන්න නෙමෙයි.” යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.