• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටිනවා – අගමැති

16 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පර්ලිමේන්තුවේදී අද (16) පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. ” රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා.

එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකයේ විදේශීය අංශය කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙන නමුත් විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යතුමා පැවසීය. එමෙන්ම ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන බවද එතුමා වැඩිදුරටත් සඳහක් කළේය.

එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට රජය මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනබව පැවසූ අගමැතිවරයා විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන 6 මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් රජය සතුටු වන බවද පැවසීය.

ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා යනුවෙන්ද ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා “අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. රාජ්‍ය අංශයයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. සැමට ප්‍රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා. රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.

අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද සම්පූර්ණ කථාව පහතින් දැක්වේ.

ගරු කථානායකතුමනි,

ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට සුභ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි.

බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා ඇති කරමින් සමස්ත ලෝකයටම බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකිවූයේ නැහැ.

ඒ වගේම අප රජය කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.
අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි.

ගරු කථානායකතුමනි,
සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා.

අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.

රාජ්‍ය අංශයයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා.

ගරු කථානායකතුමනි,

කෙසේ වුවද රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා. එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි,

අපේ ආර්ථිකයේ විදේශීය අංශය වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙනවා. විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටිනවා.

ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට අපි මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා.

විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය (6) මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.

ගරු කථානායකතුමනි,

ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එහි ඇතුලත් සැමට ප්‍රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා.

රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ස්තුතියි.

Post Views: 1
Previous Post

විදෙස් තානාපති කාර්යාල මඟින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

Daraz.lk වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගෙන සුවිශේෂී තෑගි දිනාගන්න

editor

editor

Next Post

Daraz.lk වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගෙන සුවිශේෂී තෑගි දිනාගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved