• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසර හිතකාමී දේවලට උපරිම සහාය දෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

12 February 2021
in සංවර්ධන

ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියේ පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ පරිසර හිතකාමී ඇසුරුම්කරණයකට පරිවර්තනය වීම බව ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම එම අභියෝගය ජය ගැනීමට ලොව පවතින දියුණුතම තාක්ෂණය සහ වෘත්තීයභාවයෙන් යුත් සම්පත්දායකයන් සහිත මෙරට ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රය සමත් වනු ඇති බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ලංකාපැක්’ ජාත්‍යන්තර ඇසුරුම් කරණ ප්‍රදර්ශනය විවෘත කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “නව සාමාන්‍ය තත්වය යටතේ අපට අලුත් ජීවිතයකට හැඩ ගැසීමට සිදුව තිබෙනවා. පසුගිය දිනක මම අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වී විදුලි සෝපානයෙන් පහළට බසින විට ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා ඇතුළු තවත් අමාත්‍යවරුන් පිරිසකට කීවා, ‘ විදේශ අමාත්‍යතුමකු අද සිටිනවා, කිසිදු විදේශ රටකට යාමට නොහැකිව. සංචාරක අමාත්‍යතුමකු සිටිනවා, කිසිදු රටකට සංචාරය කිරීමට නොහැකිව. ක්‍රීඩා අමාත්‍යතුමකු සිටිනවා කිසිදු ක්‍රීඩා තරඟයක් පැවැත්වීමට නොහැකිව ( ඒ කතාව සිදුවුණේ නාමල් රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රිකට් තරඟ සංවිධානය කිරීමට පෙරයි) යනුවෙන්. එහෙම අභියෝගාත්මක වාතාවරණයකට තමයි අපට මුහුණ දීමට සිදුව ඇත්තේ. නමුත් ඊට හැඩගැසෙමින්, ඊට අනුකූලව නව සාමාන්‍ය තත්ත්වය යටතේ අපේ සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට අපට සිදුව තිබෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රදර්ශන කොවිඩ් වසංගතයට බියෙන් සම්පූර්ණයෙන් අතනොහැර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීම මේ රටේ ආර්ථික ප්‍රවර්ධනය සහ ජන ජීවිතයේ වැඩි දියුණුව වෙනුවෙන් සිදු කළ යුතු වැදගත් අත්‍යවශ්‍ය දෙයක්. ඇසුරුම්කරණ කර්මාන්තය අපේ රටේ අනෙකුත් කර්මාන්ත හා සසඳා බැලීමේදී සැලකිය යුතු දියුණුවක් ලබා ඇති කර්මාන්තයක්. ඒ වගේම ඒ ඇසුරුම්කරණ කර්මාන්තයට තිබෙන ප්‍රධානතම අභියෝගය තමයි හැකිතාක් පරිසර හිතකාමී ඇසුරුම්කරණයකට ගමන් කිරීම. අද ලෝකයේ, විශේෂයෙන් නව පරම්පරාවන් තුළ පරිසරය කෙරෙහි තිබෙන සංවේදීතාව සාපේක්ෂව වැඩි වී තිබෙනවා. ඔවුන් පරිසරය කෙරෙහි දක්වන ඇල්ම, ආදරය අතීත පරම්පරාවන්ටත් වඩා වැඩි වී තිබෙනවා. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. ඒ නිසා ඉහත කී ප්‍රධාන අභියෝගය ජයගත හැකි, මේ මහපොළොවට දරාගත හැකි, අවශෝෂණය කරගත හැකි ඇසුරුම්කරණයකට පරිවර්තනය වීමට මේ රටේ ඇසුරුම්කරණ කර්මාන්තකරුවාට හැකි විය යුතුයි.

අපේ රටේ ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් ලෝකයේ පවතින දියුණුතම තාක්ෂණය යොදා ගනිමින් තිබෙන නිසාත් වෘත්තීයභාවයෙන් යුත් සම්පත්දායකයන් පිරිසක් ක්ෂේත්‍රය තුළ බිහිව සිටින නිසාත් මම විශ්වාස කරනවා, ‘ පරිසර හිතකාමී ඇසුරුම්කරණයකට ඔවුන් කඩිනමින් ගමන් කරාවි’ කියා. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ඒ පිරිසට ලබා දීමට අපි සූදානම්. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අකර්මණ්‍යව පැවති ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ උපදේශන කමිටුව සහ තවත් කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවකට අදාළ උපදේශන කමිටු අපි යළි පිහිටුවනු ලැබුවා. එමගින් අපි බලාපොරොත්තු වන්නේ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී සිටින්නන් මගින්ම එම කර්මාන්ත වැඩිදියුණු කිරීමට උපායමාර්ගික සැලැස්මක් සකස් කරවාගෙන ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය අපේ පැත්තෙන් ලබාදීම.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී ඇත්තේ දේශීය නිෂ්පාදන බලගැන්වීමයි. පසුගිය කාලයේ පිටරටින් කහ ගෙන්වීම නතර කළා. කහ හිඟයක් ඇති වුණා. ඊට විවේචන එල්ල වුණත් අද දේශීය වශයෙන් කහ නිෂ්පාදනය වැඩි වෙමින් තිබෙනවා. ක්‍රමානුකූලව අපි ඒ අභියෝගය ජය ගනිමින් තිබෙනවා. එසේ අපි මෙම නව සාමාන්‍ය තත්ව යටතේ කවර බාධා ඇති වුවත් දේශීය නිෂ්පාදනය බලගැන්වීම රජයක් ලෙස ඉදිරියට කරගෙන යනවා. මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයට සහ සීඩීසී ඉවෙන්ට්ස් ආයතනයට ද අපේ ස්තූතිය පුද කර සිටිනවා”

මෙම ප්‍රදර්ශනය හා සමගාමීව පැවැති දේශීය නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් විවෘත කරන ලද අතර ප්‍රදර්ශන දෙකම එකම සමාරම්භක උත්සවයක් මගින් විවෘත කිරීම සුවිශේෂ අවස්ථාවක් ලෙස සනිටුහන් විය.

Post Views: 7
Previous Post

ගෞරවාන්විත ජිවිතයක් හැමෝම බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන ඇමැති පවසයි

Next Post

“දීඝවාපිය අරුණ” අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

“දීඝවාපිය අරුණ” අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved