සමහර මිනිස්සු තමන්ගේ දරුවෝ කැලේට යවලා, එහෙම නැත්නම් වෙන ගෙදරකට යවලා, ආණ්ඩුවෙන් වැසිකිලි පෝච්චියක් දෙනකල් බලන් ඉන්නවා තමන්ගේ වැසිකිලිය හදා ගන්න බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000 කට ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ යටතේ මැදවච්චිය ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් 150 දෙනෙකු වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල නොමිලේ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා “දැන් අපේ මුළු රටම ණයයි, ණය ගොඩක අපි ඉන්නේ. රෑට රූපවාහිනිය බැලුවම ණය ගත්ත අයට බණිනවා, ණය කරපු අයට බණිනවා.අපිත් ඉතින් හොඳට ටී.වී එක ඉස්සරහට වෙලා අහ-අහා සතුටු වෙනවා, අරූ තමා ණය කරලා තියෙන්නේ මූ තමා ණය කරලා තියෙන්නේ කියලා.මේ රටේ ණය වලට ඔබතුමාලත් හවුල්ද ? නැද්ද?. කලින් ඔබතුමලා රට ණය කරපු එකට බැන්නා නම් නොදැනුවත්ව හරි බැන්නා නම් මේ රට ණය කරපු එවුන්ට හෙන ගහන්න කියලා කිව්වා නම් ඒ කිව්ව එකේ හෙනේ කොටසක් ඔබතුමාලට එනවා නේද? රටේ සමහර ණය ගත්තොත් එහෙම, ඒ ණය වල පාඩු අපිට තියෙනවා.මේ ණය වෙච්ච එකේ පාඩුවක් නෑ, ඔබතුමන්ලා මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා වැඩි ආදායමක් ගන්නවා, වැඩි අස්වැන්නක් ගන්නවා අලුත් තාක්ෂණය ගමට ගෙනියනවා.එහෙම නම් මේ ණය වෙච්ච එක අපිට පාඩුවක් නෑ, ප්‍රයෝජනයක් අපිට තියෙන්නේ.මේ බඩු ටික හරියට පාවිච්චි කළොත් තමයි ඒ ප්‍රයෝජනය රටට ලැබෙන්නේ. සමහරු ආණ්ඩුවෙන් ලැබෙන දේ ලස්සනට තියාගෙන ඉන්නවා.එහෙම ලස්සනට තියාගෙන ඉන්න ඔ්න දෙයක් නමෙයි මේක.මේවා පාවිච්චි කරද්දී කැඩෙයි, ඒවාට අමතර කොටස් තියෙනවා ගන්න.මේවා උපරිම පාවිච්චි කලොත් තමයි රට ණය වෙච්ච එකේ ප්‍රථිපලයක් රටට තියෙන්නේ.අපේ කට්ටිය සාමාන්‍යයෙන් නිකං දෙන කොට පොරකාළා ගන්නවානේ. නිකං දෙනවා නම් දෙමළ පත්තරය හරි අපි ගන්නවා. මගේ පියා, බර්ටි දිසානායක මහ ඇමතිතුමා ඉන්න කාලේ, ජංගම සේවා වලදී කොච්චර පැළ බෙදලා තියෙනවාද? සමහර වෙලාවට පැළ බෙදන කොට, පැළය විතරක් නෙමෙයි අපේ මසුත් හූරගෙන පැලේ උදුරා ගන්නේ පොර කාලා.එහෙම ගන්න පැළ ටික අපි ඒ උත්සවය ඉවර වෙලා යන්න යන කොට, බස් හෝල්ට් ගානේ තියෙනවා, ලයිට් කණු අයිනේ තියෙනවා.ලෝභකමට පොර කාලා ගත්තාට ගෙනියන්න බැරි නිසා තියලා යනවා.ඒ වගේ තියෙන සේරම වැරදි ටික දැන් නිවැරදි කරගන්න ඔ්න කාළය.මෙතනින් එහාට අපිට වැටෙන්න තැනක් නෑ, අපි වැටෙන්න තියෙන අන්තිමටම වැටිලා තියෙන්නේ.දැන් එහෙනම් අපි කරන්න ඔ්න කාටවත් බැණ බැණ ඉන්න එක නෙමෙයි.උදේ ඉඳන් රෑ වෙනකල් බැන්නත් අපිට උදව් කරන්න කවුරුත් නෑ. දැන් ලයිට් බිල වැඩියි, වතුර බිල වැඩියි, ඉන්ධන මිළ ඉහළයි, පොහොර ටික ගණන් දැන්, බඩු මිළ වැඩියි,මේ හැම දේම වැඩියි වැඩියි කිව්වට අපි, අපිට කවුරු හරි මේක අඩු කරලා දෙනවාද? රෑට රූපවාහිනියේ කෑ ගහන කට්ටිය, අපිට දෙන්න අපි කරන්නම් කියන කට්ටිය බලයට එනකම් අපිට බලන්ඉන්න පුලුවන්කම තියෙනවාද? ඒ ගොල්ල බලයට ආවොත් සීනී ටික අපිට අඩුවට හම්බවෙනවාද? තෙල් ටික අඩුවට හම්බ වෙනවාද? ඒ කිසි දෙයක් අඩු වෙන්‌නේ නෑ.අපි දැන් හොයන්න ඔ්න මේකට උපක්‍රම, උපක්‍රම හොයන්න ඔ්න දේශපාලඥයෝ, දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි අපි කොහොමද ස්වාධීනව නැගිටින්නේ, ඔබතුමාලට මේ දෙන යන්ත්‍ර සූත්‍ර වලින්, ඔබට ලැබුණු දේ වලින්, අනෙක් බඩඉරඟු ගොවීන්ට රුපියලකවත් ආධාරයක් ලැබිලා නෑ.ඔබතුමන්ලා එහෙම නම් සුවිශේෂියි, ඔබතුමන්ලා මේ ගත්ත උදව්වත් එක්ක අනෙක් අයට වඩා වෙනස් කියලා පෙන්වන්න ඔ්න, වැඩි ආධායමක් ගන්න ඔ්න. වෙනදා කුළියට කට්ටිය අරන් පාවිච්චි කරලා නම් වගාව කලේ දැන් මේ යන්ත්‍රය පාවිච්චි කරලා ඒ ලාභය තමන්ගේ සාක්කුවේ ඉතිරි කර ගන්න ඔ්න, එහෙම වුණොත් නේද අපිට පුලුවන්කම තියෙන්නේ අපි වෙනස් කියලා පෙන්වන්න.එහෙම නම් අපි හැමදාමත් බනින එක නවත්වලා, කොහොමද අපි පවුලක් විදිහට නැගිටින්නේ, කොහොමද අපේ වියදම අඩු කර ගන්නේ.කොහොමද අපේ ආදායම වැඩි කර ගන්නේ,වෙනදා අපි බඩඉරඟු අක්කරයක් කළා නම් ඔබතුමන්ලාට ආණ්ඩුවෙන් දෙන උදව්වත් එක්ක, සහයෝගයත් එක්ක තව පුලුවන් නම් අක්කර භාගයක් වගා කරන්න ඔ්න, ඒ කියන්නේ කැලේ කපන්න කියලා නෙමෙයි.පුලුවන් අය වගාව පුලුවන් තරම් වැඩි කර ගන්න ඔ්න, ඒ වගේම අවුරුද්ද පුරාවටම වගා කරන්න පුලුවන් විදිහට භෝග ටික වෙනස් කර ගෙන අපි වගා කරන්න ක්‍රම හොයන්න ඔ්න, අපේ ගෙවත්ත වගා කර ගෙන කඩේට ගෙවන මුදල අපි අඩු කර ගන්න බලන්න ඔ්න, එහෙම නැතිව බැන්නට අපේ හිතවත් හැදෙනවාද? ඒ වෙලාවට හිත හැදෙනවා හැබැයි සාක්කුව පිරෙන්නේ නෑ.දැන් අපිට ඔ්න අපේ සාක්කුව පුරව ගන්න, ආර්ථිකය ශක්තිමත් කර ගන්න අපි කොහොමද යන්නේ කියලා අපි හිතුවොත් තමයි.අපි එක එක්කෙනාට බැන්නට, අර ආණ්ඩුවට බනිනවා, මේ ආණ්ඩුවට බනිනවා,අර ඇමතිට බනිනවා, බැන්නා කියලා අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නෑ.අපි වැඩි කාළයක් කරලා තියෙන්‌නේ අනුන්ට බැනපු එක.අපිට ලැබෙන ආදායම අපි හරියට පාවිච්චි කර ගත්තා නම් අපිට ජීවත් වෙන්න පුලුවන්. එක පාරක් අපි සමීක්ෂණයක් කළා, වැසිකිලි නැති ගෙවල් පිළිබඳව. අනුරාධපුරයේ වැසිකිලි නැති ගෙයක් තියෙන්න පුලුවන්ද? හැබැයි අපිට ඒක ඔ්නකමක් තිබුනේ නෑ.හම්බෙන ආධායමෙන් යම්කිසි මුදලක් වෙන් කර ගෙන අපිට වැසිකිලියක් හදා ගන්න පුලුවන්කම තියෙනවා.හැබැයි වැසිකිලි පෝච්චියත් ආණ්ඩුවෙන් නිකං දෙනකල් බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ කැලේට යවලා, එහෙම නැත්නම් වෙන ගෙදරකට යවලා, ආණ්ඩුවෙන් වැසිකිලි පෝච්චියක් දෙනකල් බලන් ඉන්නවා තමන්ගේ වැසිකිලිය හදා ගන්න.ගෑණු දරුවා වැඩිවියට පත් වෙලා, ඒකවත් අපි හිතන්නේ නෑ, ඒකත් බලන් ඉන්නවා ආණ්ඩුවෙන්.අපේ ගෙවත්තේ වගාවක් කරලා, අපේ වියදම අඩු කර ගෙන මුදල් ටිකක් ඉතිරි කර ගත්තොත් අපිට මේවා කරන්න පුලුවන්.හැබැයි හැමදාම නිකං දෙන දේ ගන්න බලාගෙන, හැමදාම අත පාමින් ඉන්න එක තමයි අපි පහුගිය කාළයේම කරලා තියෙන්නේ. 1994 දී තමයි සමෘද්ධිය පටන් ගත්තේ දුප්පත්කම නැති කරන්න.දැන් අවුරුදු 29 ක් වෙනවා, දුප්පත්කම නැති වෙලා නෑ,අවුරුදු 05 ක් 06 ක් යද්දී දුප්පත්කම නැති වෙලා යමක් කමක් තියෙන මිනිස්සු වෙන්න එපැයි.ඔබතුමන්ලා දන්නවා තමන්ගේ ගම් වල ත්‍රීවිල් එක තියෙනවා, තමන්ගේ නමට ලියාපදිංචි කරන්‌නේ නෑ සමෘද්ධිය කැපෙයි කියලා.බොරුද මම කියන්නේ? අපි දුප්පත්කමේම ඉන්න පටන් අරන් තියෙනවා.1500-2000-3000 ක් නිකං හම්බෙන කොට අපි නැගිට්ටා කියලා කියන්න කැමති නෑ.අපිට යමක් කමක් තියෙනවා කියලා කියන්න කැමති නෑ, අර මුදල වෙනුවෙන් අපේ මානසිකත්වයත් දුප්පත්, ලැයිස්තුවෙත් අපි දුප්පත්, ගමෙත් අපි දුප්පත් ඇයි මෙහෙම වෙන්නේ, අපේ ඔලුටික අපි වෙනස් කර ගත්තේ නැත්නම් තව කල්ප කාළයක් අපි හිටියත් මෙහෙම නේද ඉන්නේ.අපි එහෙනම් වෙනස් වෙන්න ඔ්න නේද? වෙනස්ව හිතන්න ඔ්න නේද? ගොවිමහත්වරු කවදාවත් ගොවිතැනෙන් ලාභයි කියන්නේ නෑ, හැමදාම කියන්නේ පාඩුයි, එක්කො ගණන් මතක නෑ, වැඩක් නෑ, ඉතින් අපිට හරියයිද? අපේ හිතටවත් අපි සතුටක් දෙනවාද, මෙන්න මේ කන්නේ වගාවෙන් මෙච්චරක් ලාභයි කියලා.අඩුම තරමේ මේ වගේ උදව්වක් හම්බවුණාම අපි ඒකෙන් සතුටු වෙලා, අනෙක් අයට නැති හයියක් මට ලැබුණා කියලා සතුටු වෙනවාද? ඒකත් මේ බඩු ගන්නකල් සතුටු වෙයි, බඩු ටික අරගෙන යන කොට අපි උදේ 10 ට මෙතන්ට ආවේ, අරූ ආවේ 12 ට ඔ්කට හොඳක් වෙන්න එපා කියලා මේකත් කරේ තියාගෙන යන්න අපි පුරුදු වෙලා තියෙන්නේ.මේවා අපි වෙනස් කර ගන්න ඔ්න, මේවායෙන් තමයි අපිට වැරදිලා තියෙන්නේ.මේවා අපේ ඔලුවට ආවේ නැති නිසා තමයි අපි හැමදාමත් යැපුම් මානසිකත්වයෙන් ඉන්නේ.සමෘද්ධිය 2500 කැපෙයි කියලා භයට තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කියලා කියන්න කැමති නෑ,හැබැයි අපේ හිත් අපි වෙනස් කර ගත්තා නම් සමෘද්ධිය අවුරුදු 05 ක් අරගෙන අපේ ආර්ථිකය ශක්තිමත් වුණා නම් අපිට ආත්මශක්තියක් තියෙන්න ඔ්න, තමන්ගේ කූපන් එක ගිහින් ප්‍රාදේශීය ලේකම්ට භාර දෙන්න, මම සමෘද්ධියත් එක්ක ඉඳලා ගොඩ ගියා, මේ කූපන් එක දෙන්න තවත් නැති කෙනෙකුට කියලා.අපිට එහෙම කියන්න හයියක් තියෙනවාද? නැත්තේ ඇයි අපි නිකං දෙනවා නම් කොච්චර හරි ගන්න පුරුදු වෙලා ඉන්නවා.අපේ දරුවන්ටත් අපි ඒක පුරුදු කරනවා, අල්ලපු ගෙදර කෙනාටත් පුරුදු කරනවා.අපි කවදාවත් නැගිටිනවා කියලා සතුටු වෙන්න පුරුදු වෙලා නෑ,මේ වෙනස ඒ නිසා දැන්වත් ඇති කරගන්න. මගේ ගේ ගිණි තිබ්බට මම අරගලයට කැමතියි.සැබෑ අරගලයේ කථා කලේ මේ සිස්ටම් එක චේන්ජ් කරන්න.අපි හැමෝගෙම තියෙන හැමදේම වෙනස් කර ගන්න ඔ්නකම තියෙනවා.ඔබතුමන්ලා කැමති නැද්ද ආණ්ඩුවේ කාර්යාලයකට ගියහම දේශපාලඥයෙකුගේ උදව්වක් නැතිව ගියපු ගමන් වැඩේ කර ගන්න.හැදුනුම්පතක්, ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න ගියහම, එක එකාට පගාව දීලා ඒක හදාගන්නේ නැතිව වැඩක් කර ගන්න අපි කැමතියි නේද? ඒ වෙනස නේද අපි ඉල්ලුවේ.එහෙම නැතිව පාර්ලිමේන්තුවේ 225 ගෙදර ගිහින් අලුත් 225 ක් පාර්ලිමේන්තුවේ වාඩි වෙන එක නෙමෙයි අරගලය කියන්නේ.අපි අරගලයේ වෙනසක් ඉල්ලුවේ මේ සියලුම ක්ෂ්‍රේත්‍ර වල වෙනසක්. අපි නිදහස් අධ්‍යාපනය ගැන කියනවා, අපේ අධ්‍යාපනය නිදහස්ද? නමට නිදහස්.හැබැයි ශිෂ්‍යත්ව පන්තියේ ඉන්න ළමයා පන්ති භාර ගුරුවරයාගේ ටියුෂන් එකට ගියේ නැත්නම් මොකද වෙන්නේ.මං මේ කියන්නේ හැම ගුරුවරයාම නෙමෙයි.වැරදිකාරයෝ වැරැද්ද දා ගන්න.හොඳ ගුරුවරුත් ඉන්නවා.හැබැයි අපි දන්නවා, තමන්ගේ ටියුෂන් එකට එව්වේ නැත්නම් ඒ ළමයාට පාසලේ ඉන්න බෑ.එහෙම පාසල්, එහෙම පන්ති තියෙනවා.ඉතින් මේක නිදහස්ද? අපි වෙනස් ඉල්ලුවේ, ඒවත් වෙනස් වෙන්න ඔ්න නේද? කාර්යාලයකට ගියහම කීයක්වත් නොදී, හැදුනුම්කමක් නැතිව, යන ඔ්න කෙනෙකුට වැඩක් කර ගන්න මේ රාජ්‍යය සේවය වෙනස් වෙන්න ඔ්න නේද? පොලීසියකට ගියහම පොලීසියේ දන්න මිනිහෙක් නැත්නම් වැඩක් කර ගන්න බෑ කියන එක නෙමෙයි.පොලීසියකට යන්නේ කවුද? ඒ මනුස්සයකුට සාධාරණයක් කරන තත්වයකට මේ රට හැදෙන්න ඔ්න, ඒ වෙනස නේද අපි ඉල්ලුවේ.ඒ වෙනස වෙනුවෙන් අපි වෙනස් වෙන්න ඔ්නකම තියෙනවා.හැබැයි අරගලයට අවසානයේ දේශපාලනයක් ගෑවුණ නිසා අරගලයේ හොඳ ටික සේරම දැන් අපිට අමතක වෙලා තියෙනවා. ආයේ පාරක් අපි පරණ තැනටම වැටිලා තියෙනවා.ඔබතුමන්ලා එදා කුඹුරේ බෝඩ් අල්ලන් හිටියේ, පොලේ ගිහින් බැණ – බැණ කථා කලේ, සමහරු කොළඹට බස් එකෙන් ගිහින් අරගල භූමියේ හිටියේ මෙන්න මේ තැනට මේ රට ගෙනියන්න.දේශපාලඥයෝ මැදිහත් වෙලා කර ගත්ත වෙනස් අරගලය නෙමෙයි.හැබෑවටම අධ්‍යාපනයේ, රාජ්‍යය පරිපාලනයේ, දේශපාලනයේ, පාසලේ, ගොවිතැනේ ඉඳන් අපි හැමෝම වෙනසක් තමයි බලාපොරොත්තු වුණේ.එහෙම නැතිව නිදහසින් පස්සේ හිටපු ආණ්ඩු සේරටම බැන්නත්, අපේ රට හැදෙනවාද, අපි අපි වෙනස් වුණොත් තමයි අපේ රට හදන්න පුලුවන්කම තියෙන්නේ.එහෙම නැතිව කෑව නායකයොන්ට හරි, හිටිය නායකයොන්ට හරි බැන්නා කියලා මේ රට අලුත් වෙන්නෙත් නෑ, වෙනස් වෙන්නෙත් නෑ.රට අලුත් කරන්න, වෙනස් කරන්න ඔ්න අපි.ඒ ක්‍රමයත් එක්ක ජීවත් වෙන්න ඔ්න, ඒ ක්‍රමය පිළිගන්න ඔ්න අපි අපිමයි.දේශපාලනය පැත්තකින් තියන්න, පක්ෂ භේද-ජාති භේද- ආගම් භේද – කුළ-මළ භේද පැත්තකින් තියලා වැටිච්ච රට නැගිට්ටවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න.කවුරුවත් නැගිට්ටවනකල් ඉන්න එපා, මේ රට නැගිට්වන්න වෙන කොහෙන්වත් මිනිහෙක් එන්නේ නෑ.කොච්චර වැටුණා කිව්වත් පිටින් මිනිහෙක් ඇවිත් මේ රට ගොඩදාන්නේ නෑ.අපි අපිමයි ඉන්නේ.අපි අපිම එකතු වෙලා මේක හදන්‌නේ නැතිව වෙන කවුද මේක හදන්නේ.වෙනස්ව හිතුවොත් බොහෝම ලේසියෙන් මේක හදන්න පුලුවන්කම තියෙන්නේ.ඡන්දය එද්දී තමන් කැමති පක්ෂයකට, තමන් කැමති පුද්ගලයකුට කතිරය ගහන්න.යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.