• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා වෛරසය පාලනයට ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය ගැන අවධානය යොමු කළ යුතුයි – ජනපති

27 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දීය.

එහිදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.

එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් කෙරිණ.

එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළේය.

දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විස්තර කළේය.

මෙම වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව සඳහන් කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු සම්බන්ධීකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන බව ද පැවසීය.

නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බව කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කරන ලෙස විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

Next Post

එන්නත්කරණය වේගවත් කිරිමට පියවර ගන්නා බව ඇමැති කෙහෙලිය කියයි

editor

editor

Next Post

එන්නත්කරණය වේගවත් කිරිමට පියවර ගන්නා බව ඇමැති කෙහෙලිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved