බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලට මෙන්ම අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (22) දිනය සඳහා වලංගු වන මෙම නිවේදනයට අනුව, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) දිස්ත්‍රික්ක 13ක ඇතැම් ස්ථානවල ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් දිගු වේලාවක් අව් රශ්මියට නිරාවරණය වීමෙන් දැඩි මහන්සියක් දැනිය හැකි අතර, අඛණ්ඩව ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් මස්පිඩු පෙරළීම වැනි අපහසුතා ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර ලෙස අනුගමනය කරන ලෙස ද උපදෙස් දෙනු ලැබේ.














