පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, සුසිරිගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිකන්ද පොලිසිය වාර්තා කරයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද, සුසිරිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකු වන ඉශාන් මධුසංක සහ 59 හැවිරිදි යුද හමුදාවේ විශ්‍රාමික සාජන්වරයෙකු වූ එච්.ඩබ්ලිව්. සේනාරත්න යන මහත්වරුන්ය. අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිකරුවන් බීමත්ව සිටියේද යන්න පිළිබඳව වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, උත්සව සමය තුළ රිය පැදවීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් නැවතත් ඉල්ලා සිටියි.














