වැල්ලවාය, කොටිගම්බොක්ක ප්‍රදේශයේ පිහිටි තිරුවානා නිධියකින් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස තිරුවානා කැණීම් කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, භූ විද්‍යා හා පතල් කැණීම් අංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් මෙම වැටලීම සිදුකර ඇත. එහිදී අනවසරයෙන් කැණීම් කරන ලද තිරුවානා ටොන් 60කට ආසන්න ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැල්ලවාය පොලිසිය සහ භූ විද්‍යා හා පතල් කැණීම් අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

















