වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී අද (08) පෙරවරුවේ මාලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මාලු ප්‍රවාහනය කළ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර, අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.














