වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොණරාගල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ. මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර, එම ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනාම වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මොණරාගල කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.














