2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (පෙබරවාරි 15) පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තීරණාත්මක තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව, කොදෙව් පිලේ ආරාධනයෙන් නේපාල කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වේ.
නේපාලය වැනි නැගී එන කණ්ඩායමක් ප්‍රබල කොදෙව්වන් හමුවේ දක්වන දක්ෂතාවය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවකින් පසුවේ. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තත්ත්වය අනුව දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායමට යම් වාසියක් පවතින බව විචාරකයින් පෙන්වා දෙයි.














