බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමට සමගාමීව, බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු ද අද (23) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති බව බස්නාහිර පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කරයි. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට සහනයක් සැලසීම මෙම තීරණයේ අරමුණ වී තිබේ.
නව සංශෝධනයට අනුව, මෙතෙක් රුපියල් 100ක්ව පැවති පළමු කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 110ක් දක්වා රුපියල් 10කින් ඉහළ දමා ඇත. එමෙන්ම දෙවන කිලෝමීටරයේ සිට ඉදිරියට එක් එක් අතිරේක කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 80ක ගාස්තුව ද රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් සංශෝධනය කර තිබේ. ඉන්ධන පිරිවැය ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මෙම මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය වූ බව ප්‍රවාහන බලධාරීන් පෙන්වා දෙයි.












