• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලය තිබුණත් නැතත් අප ජනතාව වෙනුවෙන් වැඩ කරනවා – විපක්ෂනායක සජිත්

17 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 74ක් උනුත් එකයි මුනුත් එකයි මේ සියලු දෙනා රට විනාශ කළ බවත් පාර්ලිමේන්තුවේ 225ම එකයි යනුවෙන් මිනිසුන් පැවසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සාම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාවෙන් බැහැරව තට්ටු මාරු දේශපාලන ක්‍රමය වෙනුවට රාජ්‍ය බලය ඇතුව හෝ නැතිව ජනසමාජයට ශක්තියක් වීමට වත්මන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇමතිකම්, වරප්‍රසාද අවශ්‍ය නොවූ බවත් විරුද්ධ පක්ෂයේ සිටිය ද ජනතාව වෙනුවෙන් වරප්‍රසාද නොතකා පෙනී සිටින බව විපක්සනායකවරයා කියා සිටියේය.

 

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (16) මොනරාගල රාජකීය විද්‍යාලයට ලක්ෂ 46ක වටිනා බස් රථයක් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි. රටක ජීවනාලියවන් දරු පරපුර  දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් සේ සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 34 වන බස් රථය මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

සමගි ජන බලවේගය ලෙස විපක්ෂයේ සිට වත්මන් පවතින තත්ත්වයෙන් රට ගොඩනැගීමට අවශ්‍ය සියලුම කාර්යන් ඉටු කරන බවත් එහි දී සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඉලක්ක කර ගෙන සමාජ සුභසාධන ව්‍යාපාරය දියත් කරන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ යටතේ පාසල් 33කට බස් රථ සහ රෝහල් රාශියකට අවශ්‍ය බෙහෙත් සහ අනෙකුත් දෑ ලබා දුන් බව යි.

නිදහස් අධ්‍යාපනයට අතීතයේ බොහෝ අය විරුද්ධ වූ බවත් ඔවුන් නිදහස් අධ්‍යාපනය නිසා කම්කරුවන් නැති වෙන බවත් රටේ අයවැයට බරක් වන බවත් කිව්වත් කන්නන්ගර මහතාගේ නිදහස් නිදහස් අධ්‍යාපන සංකල්පය ජය ගත් බවත් එහි ප්‍රථිඵලයක් ලෙස රාජ්‍ය පාසල් 10110ක් හරහා ලබා දෙන නිදහස් නිවහල් අධ්‍යාපනය තුළින් 43 ලක්ෂයකට ආසන්න දරුවන් පෝෂණය වන බව ද පැවසීය.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙවැනි වැඩ රාශියක් කරන විට පසුගිය කාලයේ සිටි විපක්ෂයේ සිදු කළේ රාජ්‍ය බලය ලබා ගැනීම වැනි දේශපාලන සූදුවල නිරත වීම බවත් නමුත් මේ වන විට වත්මන් විපක්ෂ කතරගම, බුත්තල රෝහලට ලක්ෂ 42.5 රෝහල් උපකරණ ද සක්වල වැඩසටහන තුළින් තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට ලක්ෂ 10 වටිනාකමින් යුතු පරිගණක බෝධාගම විද්‍යාලයට ද තවත් බස් රථ 33ක් ද ප්‍රධානය කළ බව ද පැවසීය. ඉදිරියේ දී මැදගම ජාතික පාසල සහ බුත්තල ජාතික පාසලට බස් රථ ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු කටයුතු රාජ්‍ය මුදල් ලබා නොගෙන විවිධ ආධාර කරුවන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ උපකාර තුළින් සිදු කරන බවත් එබැවින් 225ම එකයි කියනවාට වඩා තමන් කරන ක්‍රියාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට රජයට මුදල් නොමැති වුවත් ඇමතිවරුන්ට වරප්‍රසාද ලබා දෙන්න මුදල් ඇති බවයි.

 

Post Views: 13
Previous Post

අධ්‍යපන ප්‍රතිසංස්කරණවල වැඩි ඉඩක් ක්‍රීඩාවට – අධ්‍යාපන ඇමැති

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 05ක පරිත්‍යාගයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 05ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved