කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එහිදී සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයම කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා යොදවා තිබීම සම්බන්ධයෙන් හෙතෙම ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කොට ඇත.
තවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමන් මේ ගැන ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වු බවත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔහු එමගින් සඳහන් කරයි.
අදාළ ට්වීටර් පණිවිඩය පහත දැක්වෙයි.