• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැසිල් රාජපක්ෂ ඇයි බය? එයා වැඩ කරන විදිහට ද? – මන්ත්‍රි රංජිත්

6 March 2024
in දේශීය, පුවත්
නඩු අසන එක මාධ්‍ය නතර කළහොත් අපට පුළුවන් මේ රට නිවැරදි දිශාවකට ගන්න – මන්ත්‍රී මහාචාර්ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්ෂ මහතාට භියවී ඇත්තේ එතුමා වැඩකරනු ලබන න්‍යාය වෙනස් ආකාරයක න්‍යායක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා එන්න ඉස්සරවෙලා ඉඳලම, ආවට පස්සේ කලබල වෙනවාටත් වඩා වැඩියෙන් කලබල වෙලා තිබෙනවා. ඇයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙච්චර බය? බැසිල් රාජපක්ෂ මැතිතුමාට බය බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩකරන න්‍යාය වෙනස්. බැසිල් රාජපක්ෂ වැඩකරන්නේ පිස්සෝ කොච්චර කලබල වුණත් දොස්තරලා කලබල නොවෙන න්‍යායයි. කල්ලි කණ්ඩායම් හදාගෙන ඉන්න සමහර පක්ෂවල නායකයෝ දැන් නන්නන්තාර වෙලා ඉන්නේ. හැබැයි හොරාට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ අයට ඊලඟ පාර පාර්ලිමේන්තුවට එන්න ක්‍රමයක් හදාගන්න ඕනනේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට බය බැසිල් රාජපක්ෂ මැතිතුමාට කුමක්හෝ දුන්නොත් සියයට සියයක්ම අපේක්ෂා කරපු විදිහට එතුමා කරනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට බය දෙවෙනි කාරණය තමයි එතුමාට ඈත පේනවා. තුන්වෙනි එක තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මම හිතන්නේ කාටවත් බය නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමාට උසාවි හතක නඩු තිබුණා. උසාවි හතරක ඇප ලබාගෙන තිබුණේ. එතුමාට රටින් එළිය යන්න බැහැ. එවකට හිටපු විධායක ජනාධිපතිවරයා කිව්වා හදලා බලමුකෝ පක්ෂයක්, අපි ඇවිද්දනවා ඒ පිරිසව ගාලු පාර දිගේ කියලා. නමුත් අපි පක්ෂ හැදුවේ නැද්ද? ඡන්ද දිනුවේ නැද්ද? හතරවෙනි කාරණය තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා විවෘතයි. බැසිල් රාජපක්ෂ මැතිතුමා හැංගිලා කටයුතු කරන්නේ නැහැ. ලොකුවට කතා පවත්වන්නෙත් නැහැ. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමාව හරියට කියවපු කෙනෙක්ට එතුමාට බනින්න හිතන්නේ නැහැ. පස්වෙනි කාරණය තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා කරලා පෙන්නලා තිබෙන්නේ. එතුමා වැඩ්ඩෙක් කියලා කට්ටිය දන්නවා. ඒ නිසා තමයි එන්න ඉස්සරවෙලා එනවා කියලා හුගක් පිරිස කලබල වුණේ. ඉතිහාසයේ පුළුල්ම සන්ධානය අපි හදනවා. අපි ඓතිහාසික ජයග්‍රහණයක් ඕනෑම මැතිවරණයකදි ලබනවා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ න්‍යාය තේරුම් ගන්න. අපි සුවපහසු තැනක නොවේ ඉන්නේ. අදත් අපේ රටේ දවසක ආදායම රුපියල් බිලියන 11. අපි රුපියල් බිලියන 19 ක් වියදම් කරනවා. හැම දවසකම බිලියන 08ක් ණයයි. අපි බිලියන කියක් අවුරුද්දකට ණය වෙනවද? සුවපහසු තැනක ඉන්න කොට එය සුවපහසුයි කියලා හිතාගෙන ඉන්නකොට සැපයි කියලා හිතුනට මේකෙන් එහාට ගිහිල්ලා හිතලා බලන්න. අපි තමා හොඳටම කරමින් ඉන්නේ කියලා කියන පිරිසට මෙය තේරුම් ගන්න පුළුවන් 2027 අපි මෙය වෙනස් කර ගත්තේ නැත්නම් නැවතවතාවක් අපි ජාත්‍යන්තරය ඉදිරියේ සමහර ණය ගෙවා ගන්න බැරි රටක් හැටියට ලැයිස්තු ගත වෙනවා. මේ දවස්වල දේශපාලන වේදිකාවේ පලනවා බෙර, අපිට දුන්නොත් හොඳට කරනවා කියලා කියනවා. මේ කතා කරන බොහෝදෙනෙක් ඉතිහාසයේ මේ ප්‍රශ්නවලට උත්තර දිපු විදිහ හරිම කණගාටුදායකයි. 1971, 1983, 1987 ඉඳලා 1993 දක්වා කාලය ගත්තත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීපු හැමෝගෙම අත්වල ලේ තැවරිලා තිබුණා. ඒ නිසා මම මේ රටේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවෝ යන්නේ කොහෙද කියලා හොයලා බලන්න. අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ මේ තරුණයින්ගේ තිබෙන තාරුණ්‍යය පාවිච්චි කරලා මේ පිරිස මරණය වෙත දක්වා ගෙන ගියා. හුඟක් පිරිස තරුණ ප්‍රශ්නවලට උත්තර හෙව්වේ තරුණයෝ කලබල කරලා. ඒ නිසා අපි ප්‍රවේසම් විය යුතුයි. අපිට නැවත අවස්ථාවක් උදාකරගන්න නරකයි අපේ රටේ තරුණයොන්ගේ ප්‍රශ්නවලට මරණය පිළිතුර කියලා දෙන තැනකට මේ රට තල්ලු කරගෙන යන්න. ඒ නිසා මම දැනගන්න කැමති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන්, සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඔබතුමාලා මේ හැට එක්ලක්ෂයක තරුණයොන්ට මේ තරුණයෝ මුහුණදෙන ප්‍රශ්නවලට ඉදිරි අවුරුදු 05 ඇතුලත දෙන්න හිතාගෙන ඉන්න උත්තර මොනවාද කියලා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට මේ රටේ තරුණයින්ගේ ප්‍රශ්න විසඳන ආකාරය පිළිබඳව අපේ පක්ෂය ආරම්භ කරද්දිත් සැලසුමක් තිබුණා. අපි එය හෙළිකරන්නම් තරුණ ගැටලුවට අපි දෙන විසඳුමක් මොකක්ද කියලා.
මේ හුඟක් පිරිස දේශපාලන වේදිකාවල කතා කරන්නේ රෝස පාට සීනිකුරු කතා. සමහර කතා ඇසෙනකොට අපිට හිනා යනවා. පාසලකට බස් එකක් ලබාදුන්නාම එ් පළාතේ තිබෙන ප්‍රවාහන පහසුකම් විසදෙනවාලු, එක පාසලකට Smart Class එකක් දුන්නාම පංති කාමර ලක්ෂයක් තිනෙබන රටක සියලුම පන්තිකාමර නවීකරණය වෙනවාලු? මේ කාලසීමාව තුළ දේශපාලන වේදිකාවේ ඔය කරන කතා වලින් මේ රටේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පුළුවන්කමක් නැහැ. හැබැයි අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට වඩා ගැඹුරින් මේ රටේ ප්‍රශ්න දිහා බලන දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපි මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර අරගෙන තමයි පක්ෂය ආරම්භ කළ‍ෙත්, ඉදිරියේදී දේශපාලන ව්‍යාපාරය අපි කරලියට අරගෙන එන්නෙත්. ”යනුවෙන් මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 11,065
Previous Post

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා – ජනපති

Next Post

ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

editor ttvnews

editor ttvnews

Next Post
ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කරනවා - රාජ්‍ය අමාත්‍ය අරුන්දික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved