• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා අයිතිවාසිකම් දිනා දීම කතාවට පමණක් සීමා කළ යුතු නැහැ -ජනපති

8 March 2024
in දේශීය, පුවත්
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ(07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක් ස්ථාපිත කරන බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය

මෙතෙක් අපේ රටේ කාන්තා දින සැමරුම් උත්සවවලදී සිදු වූයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර විසිර යාම පමණක් වුවත්, කාන්තා අයිතිවාසිකම් කතාවට පමණක් සීමා නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය නීති සහ අණ පනත් ගෙන ඒමේ කටයුතු රජය මේ වන විට සිදු කරමින් සිටින බවද කියා සිටියේය.

මෙම සියළු කටයුතු පිළිබඳ ජාතික වගකීමක් ලෙස සළකා රට පුරා කාන්තාවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොමැතිව මෙම නීති සහ අණ පනත් ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නොවන බව ද පැවසීය.

2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය “ඇයට ශක්තිය- දැයට ප්‍රගතිය” තේමාව යටතේ අභිමානවත්ව පැවැත්වුණු අතර දිවයින පුරා කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයන්ට අදාල මාර්ගෝපදේශය සහ කාන්තා කාර්ය සංවිධාන සහ කාන්තා බල මණඩල ව්‍යවස්ථාව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රදානය කළාය.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වෙත ත්‍රිරෝද රථ, පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සංකේතාත්මකව පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණි.

තවද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදු විය.

නියාමනය නොකල අංශවලින් ලබා ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් නිදහස් වීම වෙනුවෙන් ලබා දෙන “ලිය සවිය” ණය වැඩසටහන යටතේ ණය ලබා දීම සංකේතාත්මකව ආරම්භ කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

එසේම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ බෝල වලාන යහපත් එඬේරා කන්‍යාරාමය මඟින් පවත්වන ලද හෙද සත්කාර සේවා වෘත්තීය පුහුණු පාඨමාලාව NVQ 3 මට්ටම සාර්ථකව හදාරනු ලැබූ තරුණියන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කලේය “ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ දී අපේ රටේ සිදු වන්නේ උත්සවයක් පවත්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කථා කර නැවත නිවසට යාමයි. වාර්ෂිකව එය සිදු වෙනවා. නමුත් මෙවර එහි වෙනසක් සිදුව තිබෙනවා. මෙම කාන්තා හඬ නැඟීම ක්‍රියාත්මක කිරිමට අප තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ මම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මුණ ගැසුණු අවස්ථාවේ කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය පනත් සකස් කර දෙන ලෙස දන්වා සිටියා. ඒ අතරින් වැදගත්කම පනත් දෙකක් දැන් සකස් කර තිබෙනවා. ඉන් එකක් නම් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතයි. ඒ සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණයි. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී එය විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම කොමිසමට භාර දීම සිදු වෙනවා. මෙම කෙටුම්පත ඊයේ අප ගැසට් මඟින් නිවේදනය කළා. ඒ වගේම එළැඹෙන සතියේ තවත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත.
මේ මඟින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන අතර සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරිමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු වෙනවා. ඒ වගේම විෂයභාර අමාත්‍යවරයාගේ බලතල සමඟ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සභාවක් පිහිටුවීමට ද කටයුතු කෙරෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ආයතනය මඟින් අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් වන ප්‍රශ්න විසදා ගැනීමට ද හැකියාව ලැබෙනවා. මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කළ විට කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් ආයතන දෙකක් ඇති වෙනවා. දැන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතාවට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ආ යුතුයි. වසර ගණනාවක් අප එය සිදු කළේ නැහැ. අද අපි එම වැඩකටයුතු කරගෙන යනවා. මේ පිළිබඳ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් දැනුම් දීමට මම පාර්ලිමේන්තවේ කාන්තා සංසදයට භාර දෙනවා. අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව අපට එම සංශෝධන දැනුම් දිය යුතුයි. පසුව මැයි මාසයේදී මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතනින් මෙම කටයුතු අවසන් වන්නේ නැහැ. අප හඳුන්වාදුන් මෙම පනත් දෙක අපේ කලාපය තුළ හඳුන්වාදී තිබෙන්නේ පළමු වරටයි. දකුණු ආසියාවේ වෙනත් රටක මෙවන් පනත් ක්‍රියාත්මක වනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඉන් පසුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනටමත් එය සකස් කර තිබෙන අතර භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කර එම කෙටුම්පතත් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ආසියාව තුළ සිදුවන්නේ පළමු වරටයි.මෙය දැනට සිදු කර ඇත්තේ කැනඩාව ඇතුළු රටවල් දෙක තුනක පමණයි.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ මම විපක්ෂනායකවරයාව සිටියදී වාර්තාවක් සකස් කළා. අප 2018 වසරේදී මෙය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණද එය කිරීමට නොහැකි වුණා. ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමග එම කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය කැඳවා මේ පිළිබඳවත් සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් ඒ සමඟ මෙම නීතිය ගෙන ඒමටත් අප පියවර ගන්නවා. මේ තමයි අප කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇති මුලික පියවර.මීට අමතරව තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශය ඉදිරිපත් කිරිමට අද කටයුතු කර තිබෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, පවිත්‍රා වන්නිආරච්චි, මනූෂ නානායක්කාර , රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කොළඹ හිටපු පුරපතිනි, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක යන මහත්ම මහත්මීන්, විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස් වරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් සංවිධානවල නියෝජිතයන්, දිවයින පුරා කාන්තා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ.

Post Views: 6,567
Previous Post

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නෑ – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Next Post

එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර හමුවක්

එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved