• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාව දුර්වල චරිතයක් නොවේ – රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී

11 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාන්තාව විවිධ භූමිකා ඔස්සේ සැම විටම සිය පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කැපවුණු චරිතයක් බැවින් ඇය දුර්වල චරිතයක් නොවන බවත් සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළද කාන්තාව නිසි ඇගයීමකට ලක්නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ තිරසර හෙටක් උදෙසා පක්ෂග්‍රාහී බව බිදදමමු මැයෙන් Women in Management ආයතනය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී සංවිධානය කළ වැඩසටහනකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ කාන්තාවන් ජාති, කුල, ආගම්, ආර්ථික, දේශපාලන වශයෙන් විවිධ ආකාරයකට බෙදීමකට ලක්කිරීමට උත්සාහයක් පවතින බවයි.

තමන් කරනු ලබන රැකියාව කුමක් වුවත් වඩාත් වැදගත් වන්නේ හොද ආත්ම අභිමානයකින් ජීවත්වීම මෙන්ම කරන කාර්ය භාර්ය බොහොම අවංකව ඉටුකිරීම බවත් ඒ තුළින් රට හැදීමේ කාර්ය සාක්ෂ්‍යාත් කර ගැනීමට හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොළඹ ලස්සන කරන කාර්ය සදහා දායකවූ කාන්තාවන් සැමවිටම ඇගයිය යුතු බවත් අප දකින ලස්සන ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට ඔවුන් කරන කැපවීම වැදගත් බවත් ඒ කරන කාර්ය කිසිවිට අවකත්සේරු කරනොගන්නා ලෙස අමාත්‍යවරිය මෙහිදී පැමිණ සිටි කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය.

කොළඹ නගරයේ කසළ කළමනාකරණය කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සියදෙනෙකු මෙම වැඩසටහන සදහා සහභාගීවූ අතර එහිදී පරිසරය ආරක්ෂා කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය භාරය ඇගයීම, ආරක්ෂාව, ප්‍රතිචක්‍රීකරණය සහ කසළ කළමනාකරණයේ වැදගත්කම පිළිබද දැනුවත් කිරීම සහ ව්‍යවසායික මෙවලමක් වශයෙන් ප්‍රතිචක්‍රීකරණය සහ කසළ කළමනාකරණය යොදා ගැනීමට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදි. මෙහිදී පැමිණ සිටි කාන්තාවන් සදහා වියළි සලාක පාර්සල් සහ ත්‍යාග මෙන්ම ඔවුන් සදහා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ අතර මේ සදහා කොකා කෝලා ආයතනයේ අනුග්‍රහය ලැබී ඇත.

මෙම අවස්ථාවට කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා, කොකාකෝලා ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ පංකජ් සිංහා, එහි මහජන සම්බන්ධතා, සංනිවේදන සහ තිරසර බව පිළිබද ප්‍රාදේශීය ප්‍රධානී ලක්ෂාන් මදුරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

Post Views: 1
Previous Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනපති නිරීක්ෂණයට

Next Post

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved