බොහෝ කාන්තාවන් නිවස සහ රැකියාව අතර දෝලනය වෙමින් දැඩි මානසික පීඩනයකින් පසුවන්නේ ඇයිද යන්න පිළිබඳව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය ලී රූපනර් (Leah Ruppanner) වැදගත් අනාවරණයක් සිදු කරයි. පවුලක දෛනික වැඩකටයුතු සැලසුම් කිරීමේ සිට හැමෝගෙම සිත් සතුටු කිරීම දක්වා කාන්තාවන් දරන මෙම “නොපෙනෙන වෙහෙස” කොටස් 8කට බෙදා දැක්විය හැකිය.
නිවසේ එදිනෙදා වැඩකටයුතු සහ සැලසුම් නිසි පරිදි සිදුවනවාද යන්න පිළිබඳව නිරන්තරයෙන් සිතීම මෙයට අයත් වේ. පවුලේ සාමාජිකයින්ගේ, මිතුරන්ගේ සහ සගයන්ගේ මානසික සුවදුක් විමසීම සහ ඔවුන්ගේ මනෝභාවයන් තේරුම් ගනිමින් සහාය වීම මෙයට ඇතුළත් වේ. දරුවන්, සහකරු සහ ඥාතීන් සමඟ පවතින සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා දරන වෙහෙසයි. විශේෂ උත්සව, උපන්දින හෝ නත්තල් වැනි අවස්ථාවලදී පවුලේ සැමට “මායාකාරී” සතුටක් ලබා දීම වෙනුවෙන් කරන කැපවීමයි.
පවුලේ අනෙක් සාමාජිකයින්ගේ දක්ෂතා සහ සිහින සැබෑ කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන් සොයා දීම සහ ඒ සඳහා මග පෙන්වීමයි. තමන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම බාහිර පෙනුම පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහයයි. තම ආදරණීයයන් සහ ප්‍රජාව සැබෑ හෝ උපකල්පිත අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව පවතින නිරන්තර කනස්සල්ලයි. තමන් ජීවත් වන ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට දරන උත්සාහය සහ තම සාරධර්මවලට අනුව ජීවිතය හැඩගස්වා ගැනීම පිළිබඳව කෙරෙන ගැඹුරු සිතීමයි.
මහාචාර්ය රූපනර් පෙන්වා දෙන්නේ පිරිමින් නිවසේ වැඩකටයුතුවලට උදව් කළද, මෙම මානසික බර (Thinking work) තවමත් අසමානුපාතික ලෙස කාන්තාවන් මත පැටවී ඇති බවයි. කාන්තාවන් සැමවිටම අන් අය ගැන සිතීමට හුරු වී සිටින නිසා තමන් වෙනුවෙන් කාලය හෝ මුදල් වැය කිරීමට පවා ඔවුන් තුළ වරදකාරී හැඟීමක් (Guilt) හටගන්නා බව ඇය පවසයි. මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් කාන්තාවන් තමන්වම ප්‍රමුඛතාවයෙහි තබා ගැනීමට ඉගෙන ගත යුතු අතර, පිරිමින් ද මෙම මානසික බරෙහි කොටස්කරුවන් විය යුතු බව ඇය අවධාරණය කරයි.













