• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක මෙතෝදිස්ත කවුන්සලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට

14 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ රට රටවල සාමය යුක්තිය හා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව අනුකූල තාවයෙන් යුතුව නිර්මාණශීලී භාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගය මෙවර (2022) හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක එබනේසර් ජෝශප් හිමිපාණන්ට ය.

ලක්ෂ අටසීයකට ආසන්න ලෝකවාසී මෙතෝදිස්ත බැතිමතුන්ගේ ගෞරවණීයත්වයට පාත්‍ර වූ මෙම සම්මාන ප්‍රදානය ආරම්භවූයේ1977 දී ය.එතැන් සිට මේ දක්වා මෙම සාම ත්‍යාගය 38 වතාවක් ලෝකයේ සාමය හා සංහිඳියාව වෙනුවෙන් කැපවූ පුද්ගලයන්ට පිරිනමා ඇත.එහි දී ඇමරිකාව,ඊජිප්තුව, එංගලන්තය ,සිම්බාබ්වේ කොරියාව,අයර්ලන්තය ජර්මනිය, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව, ඝානාව, ආජන්ටිනාව, සියරාලියොන්, බ්‍රසීලයඩ, ඔස්ට්‍රේලියාව, නයිජීරියාව කෙන්යාව, බොලීවියාව ආදී රටවල ජාතික ආගමික හා වාර්ගික සංහිඳියව හා අන්නෝන්‍ය සාමය වෙනුවෙන්
කැප වූ විශිෂ්ට පුද්ගලයන්ට මෙන්ම නෙල්සන් මැන්ඩලා,ජිමි කාටර්, මිකායිල් ගොර්බොචොව්,කොෆි අනන් වැනි මහා පුරුෂයන්ට ද මෙම මෙතෝදිස්ත සාම ත්‍යාගය පිරිනමා ඇත.

එබනේසර් ජෝශප් හිමිපාණන් ආසියානු කලාපයේ එම ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථමයා වේ.

නුවරඑළිය කඳපොළ උපන් එබනේසර් ජෝශප් හිමිපාණන් කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබීය.

අනතුරුව තමිල්නාඩුවේ දේවධර්ම ශාස්ත්‍රාලයේ (Theological) දී සිය උසස් අධ්‍යාපනය ආරම්භ කර විශ්වවිද්‍යාල කිහිපයකින්ම උපාධි ලබා ඇත.

1980 මෙතෝදිස්ත දේවගැතිවරයෙකු වශයෙන් සිය පූජක දිවිය ඇරඹු උන් වහන්සේ සිය කටයුතු ආරම්භ කළේ කොළඹ වේල්ල වීදියේ පිහිටි City mission දේවස්ථාන යෙනි. කොළඹ නාගරික මුඩුක්කු පැල්පත් ජනතාව හා කොළඹ නගරයේ නාට්ටාමි ප්‍රජාව සමඟ ඉතා සමීපව කටයුතු කළ උන් වහන්සේ 83 ජූලි කලබලවල දී නගරයේ දමිළ ජනතාව ආරක්ෂා කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකු බව එම ප්‍රදේශයේ ජනතාව අදත් සිහිපත් කරති.

1999 – 2020 දක්වා දෙවරක්ම ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් ධුරය දැරූ උන් වහන්සේ 2002 සිට මේ දක්වා ආගමික සමුළුවේ සම ලේකම් ලෙස ද අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ද 2008 සිට අන්තර් ආගමික සමුළුවේ මහලේකම් ලෙස ද කටයුතු කරති.

ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි,මාදුළුවාවේ සෝභිත නාහිමි,බානගල උපතිස්ස නා හිමි,බෙල්ලන්විල විමලරත්න නාහිමි,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ සෙසු ආගමික නායකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් එබනේසර් ජෝශප් හිමිපාණන් උතුරේ හා දකුණේ මිනිසුන් තුළ ජාතික සමගිය පිළිබඳ සිතුවිලි ගොඩනැගීමට ද උතුරු නැගෙනහිර ගැටුම් අවසන් වීමෙන් පසු සරණාගත කඳවුරුවල සිටි දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනයට බෞද්ධ හින්දු කතෝලික හා මුස්ලිම් ආගමික නායකයන් සමග එක්ව කැප වී කටයුතු කළහ.
බෞද්ධ හා සෙසු ආගමික නායකයන් සමඟ එක්ව රට රටවල විවිධ සමුළු සම්මන්ත්‍රණවලට සහභාගි වෙමින් මෙරට ආගමික සහජීවනය පිළිබඳ ගැඹුරු පණිවුඩයක් ලෝකයට ගෙන යාමට උන් වහන්සේ ක්‍රියා කළහ.

අන්තර් ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ උන් වහන්සේ ජාතික රූපවාහිනියේ හා ජාතික ගුවන් විදුලියේ ක්‍රිස්තියානි උපදේශක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ උපදේශක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද ජෝශප් එබනේසර් හිමිපාණෝ කටයුතු කරති.

මේ රටේ සාමය උදෙසා කළ කටයුතු වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් උන් වහන්සේ ගෞරව උපහාර සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත.

එබනේසර් ජෝශප් හිමිපාණන්ට හිමි වූ මෙම මෙතොදිස්ත සාම තිළිණය උන් වහන්සේට පිළිගැන්වීමේ උත්සවය පෙබරවාරි 18 වන සෙනසුරාදා පස්වරු පහට කොළඹ වෙස්ලි විද්‍යාලයේ දී ලෝක මෙතෝදිස්ත සභාවේ සභාපති (කොරියාවේ) බිෂොප් කේ.ජේ.පාර්ක් (K.J.Park) හිමිපාණන් ගේ සහ එහි මහලේකම් අයිවන් ඒබ්‍රහම් බිෂොප්තුමන්ගේ (ද.අප්‍රිකාව) ප්‍රධානත්වයෙන් ද මෙතෝදිස්ත සභාවේ ජාත්‍යන්තර නියෝජිතයන් පනහකට ආසන්න පිරිසකගේ ද සහභාගිත්වයෙන් පැවැත් වෙන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා ලේකම් ලෙස්ලි ඩරීජු දේවගැතිතුමා පවසයි.

Post Views: 8
Previous Post

වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Next Post

ස්වාධින කණ්ඩායම් නාටකයට සමගි ජන බලවේගය සම්බන්ධ නැහැ – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ස්වාධින කණ්ඩායම් නාටකයට සමගි ජන බලවේගය සම්බන්ධ නැහැ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved