ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර රිය පැදවීමේ සැකය මත පසුගිය 04 වැනිදා කැලිෆෝනියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. කැලිෆෝනියා මහා මාර්ග මුර සංචාරක බලකාය (CHP) විසින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය ඊයේ (05) ඇප මත බන්ධනාගාරයෙන් නිදහස් වී ඇති අතර, ලබන මැයි 04 වැනිදා වෙන්චුරා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
ඇය සිය මෝටර් රථය අධික වේගයෙන් සහ අවිධිමත් ලෙස පදවාගෙන යන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී, ඇය මත් වී සිටීමේ ලක්ෂණ පෙන්නුම් කළ බවත් පසුව මත්පැන් පරීක්ෂාවන්ට ලක් කළ බවත් බලධාරීහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් ඇයගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ මෙය කිසිසේත්ම සමාව දිය නොහැකි අවාසනාවන්ත සිදුවීමක් බවයි. දැනට සිදුකළ රසායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














