2025 වසරේ පැවැති Elimination Chamber තරගාවලියේදී ජෝන් සීනාගේ (John Cena) හදිසි වෙනස්වීමකට (Heel turn) දායක වීමෙන් පසු The Rock හෙවත් ඩ්වේන් ජොන්සන් (Dwayne Johnson) මාස කිහිපයක් තිස්සේ WWE රූපවාහිනී වැඩසටහන්වලින් ඉවත්ව සිටියි. ඔහු යළිත් කවදා රින්ග් එකට පිවිසෙන්නේද යන්න පිළිබඳව රසිකයන් අතර දැඩි කුතුහලයක් පවතින අතර, මේ දක්වා ඒ පිළිබඳව නිල තහවුරු කිරීමක් සිදුව නොමැත.
කෙසේ වෙතත්, පසුගියදා ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා 1990 දශකයේ සිය WWE ආරම්භක අවධිය සිහිපත් කරමින් වීඩියෝ දර්ශන පෙළක් බෙදාගෙන තිබුණි. එම වීඩියෝව සමඟ සිය දියණියන් වෙනුවෙන් විශේෂ සහ හාස්‍යජනක පණිවිඩයක් ද ඔහු එක් කර තිබේ. “මගේ ආදරණීය දියණියනි, එදා තාත්තා ලබාගත් තුවාල සහ කැළැල් කිසිදා විලාසිතාවෙන් බැහැර වන්නේ නැහැ. ඒ වගේම දෙවියන්ගේ නාමයට ටර්ටල් නෙක් (turtle necks) ඇඳුම්වලින් නම් ඈත් වෙලා ඉන්න,” යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.
හොලිවුඩ් තරුවක් ලෙස ලොවක් දිනා සිටියද, තවමත් WWE ක්ෂේත්‍රය තුළ රොක් සතු බලපෑම අඩුවී නොමැත. ඔහු නැවත පැමිණෙන දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නැතත්, මෙවැනි මතකයන් අවදි කිරීම හරහා ඔහු තවමත් WWE සමඟ සමීපව කටයුතු කරන බව රසිකයෝ විශ්වාස කරති.
















