Wyze Labs ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන ස්මාර්ට් නිවාස ආරක්ෂක කැමරා (Smart Home Cameras) සහ ඒවායේ ජංගම යෙදුම (App) ඊයේ (2026 මාර්තු 26) සිට බරපතල තාක්ෂණික බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Downdetector වෙබ් අඩවියට අනුව ඇමෙරිකාව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත පරිශීලකයන් පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පරිශීලකයන් පවසන්නේ Wyze App එක විවෘත කිරීමේදී එය “Login” පිටුවේම නතර වන බවත්, ස්වයංක්‍රීයව පද්ධතියෙන් ඉවත් වීමෙන් (Logged out) පසුව නැවත ඇතුළු වීමට නොහැකි වී ඇති බවත්ය. ඇතැම් පිරිස් ඇප් එක මකා දමා නැවත ස්ථාපනය (Re-install) කිරීමට උත්සාහ කළද ගැටලුව විසඳී නොමැත. විශේෂයෙන් ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත කිහිපයක මෙම බිඳ වැටීම තදින්ම බලපා ඇති අතර Wyze ආයතනය මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මෙම ගැටලුව මඟහරවා ගැනීම සඳහා උපාංගය “Restart” කිරීම හෝ නිල වෙබ් අඩවිය හරහා පද්ධතියේ තත්ත්වය (System Status) පරීක්ෂා කරන ලෙස තාක්ෂණික විශේෂඥයෝ උපදෙස් දෙති.














