චීන ජනාධිපති ෂී ජින් පිං, එරට ඉහළම හමුදා නිලධාරීන් ඉවත් කිරීමට හේතු වූ මෑතකාලීන දූෂණ විරෝධී මර්දනය පිළිබඳව දුර්ලභ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර තිබේ. විශේෂයෙන්ම ඔහුගේ සමීපතම සගයකු ලෙස සැලකුණු ජෙනරාල් ෂැං යූෂියා “විනය සහ නීතිය උල්ලංඝනය කිරීමේ” චෝදනා මත පසුගිය ජනවාරි මාසයේදී තනතුරෙන් ඉවත් කෙරුණු අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය වසර හමුදාවට “අසාමාන්‍ය” එකක් වූ බවත්, දූෂණයට එරෙහිව හමුදාව දැඩි “විප්ලවීය” ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය. ෂී ජින් පිං බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ මෙම දූෂණ විරෝධී ව්‍යාපාරය, දූෂණය පිටුදැකීමට එහා ගිය දේශපාලන ප්‍රතිවාදීන් ඉවත් කිරීමේ මෙවලමක් බවට ද විචාරකයින් චෝදනා කරති.














