තමන් මියගිය බවට පැතිර යන කටකතා අසත්‍ය බව පෙන්වීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු උත්සාහ කළද, ඔහු සහ අමෙරිකානු තානාපති මයික් හකබී (Mike Huckabee) අතර පැවැති හමුවක අලුත්ම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද්දක් බවට ‘X’ සමාජ මාධ්‍යයේ ‘Grok’ චැට්බොට් පද්ධතිය අනාවරණය කර තිබේ.
ඉරාන – අමෙරිකානු යුද්ධය මධ්‍යයේ තමන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීමට නෙතන්යාහු උත්සාහ කරන අතර, එහිදී ඔහු තානාපතිවරයාට පවසන්නේ “ඔව් මයික්, මම ජීවතුන් අතර” යනුවෙනි. තමන්ට අත් දෙකේම ඇඟිලි පහ බැගින් ඇති බව පවසමින් ඔහු මීට පෙර එල්ල වූ AI චෝදනාවලට මෙහිදී සෘජුවම පිළිතුරු දී තිබේ.
වීඩියෝවේ දැක්වෙන පරිදි නෙතන්යාහු සතුව ‘Punch Card’ එකක් පවතින අතර, ඊශ්‍රායලය විනාශ කිරීමට සහ අමෙරිකාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරන “උමතු පුද්ගලයින්ගේ” නම් දෙකක් අද දිනයේ එම කාඩ්පතෙන් මකා දැමූ බවත්, එවැනි සියලු දෙනා විනාශ කරන බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත්, මෙම වීඩියෝව පරීක්ෂා කළ ‘Grok’ පද්ධතිය පවසන්නේ මෙය අගමැතිවරයාගේ ජීවමාන බව තහවුරු කිරීමට මීට පෙර නිකුත් කළ වීඩියෝවට අපහාස කිරීම සඳහා AI මඟින් සකස් කරන ලද එකක් බවයි.
මෙම සිදුවීමත් සමඟ ඊශ්‍රායල අගමැතිවරයාගේ සැබෑ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරය තුළ පවතින අවිනිශ්චිතභාවය තවදුරටත් උග්‍ර වී තිබේ. කටකතා මැඩපැවැත්වීමට ගන්නා උත්සාහයන් තාක්ෂණික දියුණුව හමුවේ අභියෝගයට ලක්වීම මෙහි ඇති විශේෂත්වයයි.














