යාල ජාතික වනෝද්‍යානයට අයත් කිරින්ද, බැබුව වනජීවී මුරපොළ ආසන්නයේ අද (21) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වාර්තා වන පරිදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි ශබ්දය ඇසී වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට සැකකටයුතු මෝටර් රථය ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරින්ද පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, අවට පොලිස් ස්ථාන සහ මාර්ග බාධක ද මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.














