අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම, ඉරානයට සහ කලාපීය ‘ප්‍රතිරෝධයේ අක්ෂයට’ (axis of resistance) ලැබුණු විශිෂ්ට ජයග්‍රහණයක් බව යේමනයේ හූති නායක අබ්දෙල් මලික් අල්-හූති පවසයි. හූති පාර්ශවයට සම්බන්ධ අල් මසීරා රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම සටන් විරාමය ඉරාන ඉස්ලාමීය ජනරජය පමණක් නොව මුළු මහත් ඉස්ලාමීය ලෝකයම ලැබූ ජයග්‍රහණයක් බවයි.
වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පවතින යුදමය වාතාවරණය හරහා ඉරානයේ උපායමාර්ගික බලය සහ මර්දනකාරී හැකියාවන් යළි තහවුරු කිරීමට හැකි වූ බවයි. මැදපෙරදිග කලාපය පුරා ඉරානය සමඟ අනුබද්ධ කණ්ඩායම් ජාලය මෙම සටන් විරාමය සිය දේශපාලනික සහ මිලිටරි ස්ථාවරත්වයේ සලකුණක් ලෙස සලකන බව මින් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














