ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන්, අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ බව නිල වශයෙන් තහවුරු කර තිබේ. ඉරානය, ලෙබනනය, ඉරාකය සහ පලස්තීන ප්‍රදේශවලට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලයේ “සංවේදී හමුදා මධ්‍යස්ථාන” ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කළ බව එම සංවිධානය ප්‍රකාශ කරයි. සියලු පෙරමුණු ඔස්සේ එල්ල වන “ආක්‍රමණ” අවසන් වන තුරු සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුහු අවධාරණය කරති.
මීට පෙර ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් යේමනයේ සිට පැමිණි මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව වාර්තා කළ අතර, හූතිවරුන්ගේ මෙම නිල ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපීය යුද්ධය තවත් සංකීර්ණ පෙරමුණක් කරා ව්‍යාප්ත වී තිබේ. රතු මුහුදේ නාවික ගමනාගමනයට තර්ජනයක් වෙමින් සිටි හූතිවරුන් දැන් සෘජුවම ඊශ්‍රායල භූමියට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීම හේතුවෙන්, කලාපය පුරා ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ දකුණු දිග කලාපයේ පිහිටි බලශක්ති සහ හමුදාමය මධ්‍යස්ථාන කෙරෙහි මෙම ප්‍රහාරවල අවධානය යොමු වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














