කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී පදික මාරුවක් මතදී වෑන් රථයක ගැටී බරපතළ තුවාල ලැබූ නව හැවිරිදි දැරියක්, දින හතරක් පුරා මරණය සමඟ සටන් කර අවසානයේ ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පදවිය බෝගහවැව ප්‍රදේශයේ පදිංචි සනුල්ලියා නැමැති මෙම දැරිය, උපකාරක පන්තියකට සහභාගී වීමට ගිය අවස්ථාවේදී පසුගිය 21 වනදා මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.
අනතුරින් පසු බරපතළ තුවාල ලැබූ දැරිය පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණද, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුර සිදු වූ අවස්ථාවේ රථය නොනවත්වා ධාවනය කර ඇති රියදුරා පසුව වෑන් රථය ද සමඟ පදවිය පොලිසිය වෙත භාර වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














