ඉන්දියානු රජය පාකිස්තානයේ යූටියුබ් නාලිකා 16ක් තහනම් කිරීමට තීරණය කර ඇත.
මෙම නාලිකා මිලියන 63කට අධික පරිශීලක ප්‍රජාවක් සහිත වන අතර, අද (28) සිට මෙම තහනම ක්‍රියාත්මක වේ.
කාෂමීරයේ පෙහෙල්ගම් ප්‍රහාරයෙන් පසුව ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද ඇති කරවන ප්‍රකාශ මෙම නාලිකා මගින් පැතිරවීමට උත්සාහ කර ඇති බවට ඉන්දීය රජය චෝදනා කරයි.
එම නිසා, ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
තහනමට ලක්වූ නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා සහ පාකිස්තාන මාධ්‍යවේදීන්ගේ පුද්ගලික නාලිකා ද ඇතුළත් යැයි වාර්තා වේ.
මෙම තීරණය ඉන්දියා-පාකිස්තාන ගැටුම් තීව්‍ර වීමට හේතු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීම සඳහා ගත් පියවරක් ලෙස ඉන්දීය රජය සලකයි.