2026 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘පවුලේ වසර’ (Year of Family) තේමාවට සමගාමීව, ඊද් අල්-ෆිතර් (Eid Al Fitr) උත්සවය සැමරීම සඳහා සයිඩ් ජාතික කෞතුකාගාරය (Zayed National Museum) විසින් ‘The Joy of Eid’ නමින් විශේෂ සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කර තිබේ.
එමීර් රාජ්‍යයේ සාම්ප්‍රදායික උරුමයන් විදහා දක්වන අල් අයිලාලා (Al Ayyala), අල් හර්බියා (Al Harbiya) සහ අල් හබ්බාන් (Al Habbān) වැනි ප්‍රසංග මෙහිදී ඉදිරිපත් කෙරේ. මීට අමතරව උකුස්සන් පාලනය, රෙදි විවීම සහ සුවඳ විලවුන් නිෂ්පාදනය පිළිබඳ සජීවී ප්‍රදර්ශන ද පවත්වනු ලැබේ. පවුලේ සැමට එක්ව රස විඳිය හැකි සාම්ප්‍රදායික ක්‍රීඩා, ආහාර පිසීමේ වැඩමුළු සහ චිත්‍රපට ප්‍රදර්ශන ද මෙයට ඇතුළත් වේ.
ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද මෙහිදී හඳුන්වා දෙනු ලබයි. ඒ අනුව පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන් සඳහා මාර්තු 21 වනදා ‘Beyond Sight’ වැඩසටහන ද, ඕටිසම් වැනි ඉගෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන් සඳහා මාර්තු 22 වනදා ‘Sensory Journeys’ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.














