මැදපෙරදිග කලාපයේ ඇති වූ සටන් විරාමයෙන් පසුව රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්පූර්ණ සම්බාධක යළි බලාත්මක කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසයි. එලෙස සම්බාධක යළි පැනවීමට අපොහොසත් වුවහොත්, බලශක්ති සම්බාධක ලිහිල් කිරීම සඳහා රුසියාවේ යම් මැදිහත්වීමක් පවතින්නේ ද යන්න පිළිබඳව බරපතළ සැක මතු විය හැකි බවට ද ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටී. ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ රුසියාව සතු බලය සීමා කිරීම යුක්‍රේන ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.













