ICC විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවතට විසි වූ සිම්බාබ්වේ කණ්ඩායමට යළි මව් රටට යාමට නොහැකිව ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ගුවන් කලාප වසාදමා තිබීම නිසා සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගේ ගුවන් ගමන ප්‍රමාද වී ඇත.
ඔවුන් ඩුබායි හරහා හරාරේ නුවර වෙත යාමට නියමිතව තිබූ නමුත් එය දැන් අනපේක්ෂිත ලෙස කල් දමා තිබේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ අනෙකුත් පාර්ශ්ව සිම්බාබ්වේ කණ්ඩායමට සිය මව් රටට යා හැකි විකල්ප මාර්ග සොයමින් සිටින බව වාර්තා වේ.














